මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්ෆින්ස්ටන් රඟහල නවීකරණ කටයුතු 90%කින් අවසන්

    ඔක්තෝබර් 14, 2014
    එලිෆින්ස්ටන් රඟහලේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට 90%කින් අවසන් බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    රුපියල් කෝටි 28ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරෙන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරියේ දී ගාමිණි ෆොන්සේකා සමරු රඟහල නමින් නම් කෙරෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කොට දෙසැම්බර් මාසයේ දී විවෘත කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    එල්ෆින්ස්ටන් රඟහල බලාපොරොත්තු නොවුණු අන්දමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට සිදු වුවා. ඒ නිසා විවෘත කිරීමේ කටයුතු තරමක් ප්‍රමාද වූවා. 
     
    නාට්‍ය පුහුණුවීම් කටයුතු සඳහා වසා දැමීමට ලක් වූ බත්තරමුල්ලේ පිහිටි පාසලක් රුපියල් මිලියන 09ක් වැය කරමින් ප්‍රතිනිර්මාණය කොට නාට්‍ය පුහුණුවීම් සඳහා ලබාදීමට ඉදිරියේ දී කටයුතු කෙරේ.
     
    කලාභවන ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමත බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ජොන් ද සිල්වා සමරු රඟහල දේශීය ස්වභාවයට අනුව නිර්මාණය කිරීමට මෙන්ම සියලු කටයුතු සඳහා නාට්‍යකරුවන්ගේ අදහස් ලබාගන්නා බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya