නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෝන් ද සිල්වා නව සමරු රඟහලට මුල්ගල් තැබීම 07දා

    ඔක්තෝබර් 14, 2014
    ජෝන් ද සිල්වා සමරු රඟහලේ ඉදිකිරීම් කටයුතු නොවැම්බර් 07දා පෙරවරු 11.00ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
     
    රුපියල් මිලියන 450ක වියදමින් වසර දෙකකින් වැඩ නිම කිරීමට සැලසුම් කොට ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල නවීන තාක්ෂණික උපකරණ හා පහසුකම් සහිතව ඉදිකිරීමට යෝජිතය. 
     
    ආසන 800කින් යුත් ප්‍රධාන රංගශාලාව, ආසන 200කින් සමන්විත බ්ලැක්ස් බොක්ස් රංග ශාලාව, නේපත්‍යාගාරය, මහල් 04කින් යුත් නව කාර්යාල සංකීර්ණය, ආපන ශාලාවක් සහ රථගාලක් අලුතින් ඉදිකිරීමට නියමිතය.
     
    මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් සී 1 ශ්‍රේණියේ ඉදිකිරීම් ආයතනයක් වන ශ්‍රීපාලි කන්ට්‍රැක්ටර්ස් ආයතනය මගින් සිදු කරනු ලබන අතර උපදේශන සේවා මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු හා ගෘහ නිර්මාණ අධ්‍යනාංශය මගින් සිදු කරයි.
     
    නාට්‍යකරුවන්ගේ අවශ්‍යතා අනුව ජෝන් ද සිල්වා සමරු රඟහල වර්තමානයට නොගැළපෙන බැවින් ඉවත් කළ අතර නාට්‍ය ශිල්පීන්ගේ හා ප්‍රේක්ෂක ජනතාවගේ අවශ්‍යතා අනුව ඉදිරි වර්ෂ 50ක කාලයට ගැළපෙන පරිදි ජෝන් ද සිල්වා සමරු රඟහල ඉතා ඉක්මනින් නවීකරණයෙන් යුතු ව ඉදිකොට නාට්‍යකරුවන්ට ලබාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැක්වෙන ප්‍රාසාංගික කලා මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම යටතේ 2012 වසරේ අය-වැය සාකච්ඡාවේ දී ගනු ලැබූ තීරණය පරිදි කලාකරුවන්ගේ අවශ්‍යතා අනුව ජෝන් ද සිල්වා සමරු රඟහල ඉදිකිරීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya