මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ තරුණ පිරිස් ජනතාවාදී දේශපාලන දර්ශනයක් තුළ සන්ධානගත කළ යුතුයි

    ඔක්තෝබර් 14, 2014

    තරුණ දේශපාලඥයන් විදිහට රටේ තරුණ පිරිස් ජනතාවාදී දේශපාලන දර්ශනය තුළ අනාගතවාදී දේශපාලන දැක්මක් ඇති තරුණ සංවිධානයක් විදිහට සන්ධානගත කිරීමේ යුතුකමක් හා වගකීමක් ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා පොලොන්නරුව පුලස්තිගම පැවති තරුණ හමුවකට එක්වෙමිනි.


    වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය. "එදා තිබුණු ආණ්ඩු රටේ දේශපාලන පක්ෂ තරුණයන්ගේ බලගැන්වීම, නැගිටීම දැක්කේ ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක් විදිහටයි. එදා තරුණයෝ දහයක්, පහළොවක් එකට එකතුවෙලා තමන්ගේ අයිතීන්, අනාගතය පිළිබඳ ව සාකච්ඡා කෙරුවත් එදා දේශපාලන අධිකාරිය ඒ දේ දැක්කේ ආණ්ඩු පෙරළන්න කැරළි ගහනවා කියලයි. අද අපේ සහෝදර සහෝදරියන්ට වැඩි වගකීමක් තියෙනවා. එක් පැත්තකින් රට දේශපාලනික, ආගමික, සමාජීය, ආර්ථික වශයෙන් සංවර්ධනය වෙමින් තියෙනවා. ඒ සංවර්ධනය තුළින් ලැබෙන ප්‍රතිලාභ අපේ ගම්වල දරුවන්ට ලැබෙනවා. රට ගොඩනැගීමේ වගකීම ඇත්තේ අපේ රටේ තරුණ පරම්පරාවටයි. එදා 88-89 කාලසීමාවේදී තරුණයන් දේශපාලනික වශයෙන් නොමග ගිය නිසා රටට සිදු වූ දෙය තමුන්නාන්සේලා අසා තියෙනවා. අද අපට දේශපාලන පක්ෂයක් විදිහට වගකීමක් හා යුතුකමක් තියෙනවා තරුණ දේශපාලනඥයන් විදිහට රටේ ජීවත් වන දෙමාපියන්ගේ දරුවන් ව ජනතාවාදී දේශපාලන දර්ශනයක් තුළ සන්ධාන ගත කරන්න" යැයි කීය.

    මේ අවස්ථාවට ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරු එක් ව සිටියහ. 

    NDH/WK-BG dmu polonnaruwa

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya