මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ගැහැණු දරුවාගේ දිනය නුවරඑළියේත් සමරයි

    ඔක්තෝබර් 14, 2014

    ඔක්තෝබර් 11 වෙනි දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර ගැහැණු දරුවාගේ දිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ (13) නුවරඑළිය හෝලි ට්‍රිනිටි විද්‍යාලයේදී පැවැත්විණි. 


    ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. 

    මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව සඳහා පාසල් සිසුවියන් 125කට ආසන්න පිරිසක් සහභාගී වී සිටි අතර සිංහල, දෙමළ සහ මුස්ලිම් දැරියෝ රැසක් ඒ අතර වූහ. 

    මෙවර ජාත්‍යන්තර ගැහැණු දරුවාගේ දිනයේ තේමාව ′දියණිය ඔබයි අපේ අනාගතය′ යන්නයි. එම තේමාව අළලා සිදු කළ විශේෂ දේශන කිහිපයක් ද මෙහිදී පැවැත් විණි. ඒ අනුව සෞන්දර්යාත්මක චිකිත්සාව තුළින් තුළින් ගැහැණු දරුවාගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම, නව යොවුන්වියේ ගැහැණු දරුවාගේ ප්‍රජනන සෞඛ්‍ය යන තේමාවන් යටතේ වැඩමුළුව සංවිධානය වී තිබිණි. නුවරඑළිය වතු ප්‍රජාව ආශ්‍රිතව පවතින සෞඛ්‍ය ගැටලු, යටපත් වී පවතින නව යොවුන් වියේ දරුවන්ගේ පෞද්ගලික අර්බුද ආදිය මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක් විය.


    මේ අවස්ථාව නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.


    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya