මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් සමඟ නිදහසේ ජීවත්වීමේ වරම ලබාදුන්නේ ජනාධිපතිතුමා සහ රණ විරුවන්

    ඔක්තෝබර් 14, 2014

    අතීතයේ පැවති භයංකර තත්ත්වයෙන් රට මුදාගෙන, දරුවන් සමඟ නිදහසේ ජීවත්වීමේ වරම හිමිකර දෙනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් සහ අපගේ වීරෝදාර රණ විරුවන් බවත්, ඒ වෙනුවෙන් ඔවුන් සදා කල් සිහිපත් කළ යුතු බවත්, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.  



    ලෝක ළමා දිනයට සමගාමී ව පසුගියදා මැදවච්චිය පුහුදිවුල දී පැවති ප්‍රාදේශීය ළමා දින උත්සවයට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.  දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මෙවර ලෝක ළමා දිනය සැමරීමට අවශ්‍ය කටයුතු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබිණි.  
    “සෙනෙහස දී අප රකින්න” යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දින ජාතික සැමරුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වූ බවත්, පෙරට වඩා අද උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයකම ළමා දිනය සමරන බවත්, දරුවන්ගේ මානසික නිදහස ලබා දී ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මෙහි දී තවදුරටත් පැවසීය. 


    එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “එදා යුද්ධයට මැදිව තිබූ පුහුදිවුල වැනි ප්‍රදේශවල දවල්ට පවා යන්න ජනතාව බිය වුණා. එදා ගෙදරින් ගිය පවුලේ සාමාජිකයා නැවත ආපසු නොපැමිණේ යැයි විශාල බියක් තිබුණා. ඒ වගේ ම පවුලේ සියලු සාමාජිකයන් එක් ව ගමනක් නොගිය යුගයක් මේ රටේ තිබුණා. අද ඇතැම් අයට ඒ අවාසනාවන්ත යුගය මෙන් ම එම යුගය නිමා කළ ජනාධිපතිතුමන් සහ රණ විරුවන් පවා අමතකයි. 

    රට බේරගන්න නායකයාට අද ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න නොහැකියි කියන්න තරම් ගුණමකු සුළු පිරිසක් අද මේ රටේ සිටිනවා. කෙසේ වුවත් බහුතර බුද්ධිමත් ජනතාවක් සිටින තුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට හෝ මේ රටට කිසිදු උපද්‍රවයක් කිරීමට එම ජනතාව ඉඩ තබන්නේ නැහැ.

    එදා නගරයට සීමා වී තිබූ සංවර්ධනය ගමට ගලා ගිය යුගයක් ඉතිහාසයේ තිබුණේ නැහැ. අපගේ ජනාධිපතිතුමන් එම ක්‍රමය වෙනස් කළා. එනිසා අද ගමේ ජනතාවටත් මේ දැවැන්ත සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විඳීමට වාසනාව උදාවෙලා තිබෙනවා.”


    එම ළමා දින උත්සවය නිමිත්තෙන් පැවති නර්තන, කථික ආදී තරගාවලින් ජය ලැබූ දරුවන් වෙත ත්‍යාග ප්‍රදානය ද එදින සිදුකෙරුණු අතර එහි දී අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා විසින් දරුවන් වෙත තිළිණ ලබාදෙන ලදි. 


     මේ අවස්ථාවට උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්යානි කරල්ලියද්ද මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ. 


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya