මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වාහන තදබදය අවම කිරීමට නව මාර්ගයක්

    ඔක්තෝබර් 14, 2014

    කොළඹ නගරයේ වාහන තදබදයට පිළියමක් වශයෙන් නුවර සහ මීගමුව මාර්ගවලින් කොළඹට ඇතුළු වන පෑලියගොඩ සිට කොළඹ කොටුව දක්වා කණු මතින් ඉදිවෙන නව මහා මාර්ගයක් ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇත.


    කැලණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමෙන් හා පෑලියගොඩ සිටි කොළඹ කොටුව ප‍්‍රදේශය දක්වා කණු මතින් ඉදිකරනු ලබන නව මාර්ගය හේතුවෙන් පෑලියගොඩ සිට කොළඹ කොටුව දක්වා වූ ප‍්‍රදේශයේ වාහන තදබදය අවම කිරීමට හේතු වනු ඇති බවට මාර්ග සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.

    කැලණි ගඟ හරහා නව පාලම ඉදිකිරීමට ජයිකා සමාගම ආධාර කරන අතර නව මාර්ගය ඉදිකිරීම සඳහා අසියානු සංවර්ධන බැංකු ආධාර සැපයීමට ද එකඟතාව පළකර ඇත. මෙහි ඉදිකිරීම් සඳහා  ඕස්ටේ‍්‍රලියානු සමාගමක් වන HASS එක් ව කටයුතු කිරීමට ද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya