මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මම තියන මුල්ගල් පැළවෙන්න දෙන්නේ නැහැ

    ඔක්තෝබර් 14, 2014

    මම තියන මුල්ගල් පැළවෙන්නේ නැති බවත් වසර 15ක් තිස්සේ කට්ටි පැන්නත් තමා මෙවර නම් මාධ්‍යවේදීන්ට කොටු වූ බව කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පැවසීය.


    නගරාධිපතිවරයා මෙසේ පැවසුවේ පසුගියදා බත්තරමුල්ල, කොස්වත්ත රිචඩ් දි සොයිසා මාධ්‍යවේදී නිවාස සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමිනි.

    මාධ්‍යවේදී නිවාස සංකීර්ණය ආරම්භ කළ 1999 වසරේ පටන් නිවැසියන්ගේ පොදු අවශ්‍යතා ගැන සොයා බැලුවත් ප්‍රජා ශාලාවක අවශ්‍යතාව ඉටුකර දීමට තමන්ට නොහැකි වූ බව කී නගරාධිපතිවරයා තැබූ මුල්ගල පැළවෙන්නට නොදී මාස 06ක් තුළ පළමු මහල ඉදිකර අවසන් කරන බවට පොරොන්දුවක් ද දුන්නේය.

    1999 වසරේදී මාධ්‍යවේදීන් සඳහා ආරම්භ කරන ලද  රිචඩ් දි සොයිසා මාධ්‍යවේදී නිවාස සංකීර්ණයට මේ ඔක්තෝබර් මාසයට වසර 15ක් සැපිරේ. එම වසර 15 පුරා ඉටු නො වූ පොරොන්දුවක් වූ ප්‍රජාශාලාව ඉදිකර දීමට නගරාධිපතිවරයා පසුගියදා මාධ්‍යවේදී නිවාස සංකීර්ණ සංවර්ධන පදනම සඳහා පත්වූ නව නිලධාරී මණ්ඩලයට පොරොන්දු විය.

    රුපියල් මිලියන 06ක් පමණ වියදම් වන මෙම දෙමහල් ගොඩනැගිල්ලේ කුඩා උත්සව ශාලාවක්, පුස්තකාලයක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක් හා සමාජ ශාලාවක් ඉදිකිරීමට යෝජිතය.

    මේ අවස්ථාවට මාධ්‍යවේදී නිවාස සංකීර්ණ සංවර්ධන පදනමේ සභාපතිනී පද්මා වේරගොඩආරච්චි, ලේකම් සංජය දසනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු රැසක් රැස් ව සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya