මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ මාස් කන්නයේ වගා කටයුතු ලබන 20 ඇරඹෙයි

    ඔක්තෝබර් 14, 2014

    පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ මාස් කන්නයේ වගා කටයුතු ලබන 20 දින ආරම්භ කෙරෙන බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.


    කවුඩුල්ල, මින්නේරිය සහ ගිරිතලේ යන ව්‍යාපාරවල වගා කටයුතු නොවැම්බර්  15 දිනට පසු වර්ෂාවත් සමඟ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ආර්.එම්.පී. කරුණාරත්න මහතා පැවසීය.

    ඇළහැර ව්‍යාපාරයේ ද මේ කාලවකවානුව තුළ වගා කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිත බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ ජල අක්කර අඩි 72,000ක්, ගිරිතලේ ජලාශයේ ජල අක්කර අඩි 1056ක්, මින්නේරිය ජලාශයේ ජල අක්කර අඩි 43,000ක් හා කවුඩුල්ල ජලාශයේ ජල අක්කර අඩි 9,800ක් වශයෙන් රඳා පවතී. ඉදිරි මාස් කන්නයේ වගා කටයුතු, ලැබෙන වර්ෂාවත් සමඟ තීරණය කිරීමට සිදු වනු ඇති බව ද කලාප වාරිමාර්ග අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

    NDH/WK_BG_dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya