මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාල් දේවී දුම්රියේ ආසන වෙන්කර ගැනීමට පහසුකම්

    ඔක්තෝබර් 14, 2014

    ගල්කිස්ස සිට යාපනය දක්වා දිනපතා ධාවනය වන යාල් දේවී දුම්රියේ මගී අවශ්‍යතා මත ආසන වෙන්කිරීමේ හා මැදිරි වෙන්කිරීමේ පහසුකම් දුම්රිය දෙපාර්තුමේන්තුව සලසා ඇත. 


    වායු සමනය කළ අධි සුඛෝපභෝගී මැදිරියක පළමු පන්තියේ, ‍දෙවන පන්තියේ හා තුන්වන පන්තියේ මැදිරි යාපනය බලා ධාවනය වන දුම්රියවලට යොදවා ඇති අතර අවශ්‍ය පරිදි ඒවා වෙන් කර ගැනීමට මගී ජනතාවට හැකියාවක් පවතී.

    ඒ අනුව අධි සුඛෝපභෝගී මැදිරියේ ගමන් කිරීමට කැමැත්තක් දක්වන අයකුට එක් ආසනයක් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 1,500කි. පළමු පන්තියේ වෙන් කළ ආසනයක් සඳහා රුපියල් 900ක් ද දෙවන පන්තියේ වෙන්කළ ආසනයක් සඳහා රුපියල් 800ක් ද තුන්වන පන්තියේ (පිරිවැසුම් මැදිරියේ) ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් 320ක් ද අය කරනු ඇත. 

    යාපනය බලා ගමන්කිරීමට අවශ්‍ය මගීන්ට මොබිටෙල්, ඩයලොග්, එටිසලාට් ජංගම දුරකතන හරහා 365 හෝ ටෙලිකොම් දුරකනනය හරහා 1365 ඇමතීමෙන් දින 45ක් ඇතුළත ආසන වෙන්කිරීමේ පහසුකම් සකසා තිබේ.

    මීට අමතර ව පෞද්ගලික ආයතනයකට හෝ වන්දනා නඩයකට මංගල උත්සවයකට සහභාවීමට යාපනයට යන්න අදහස් කරන්නේ නම් සියලු ආරක්ෂාව සහිත ව දුම්රිය මැදිරියක් වෙන්කර ගැනීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා ද දුම්රිය මැදිරියක් වෙන්කර ගැනීමේ හැකියාවක් ද පවතී.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya