මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිසංස්කරණය කරන ලද නව ආයුර්වේද රෝහල ජනතා අයිතියට

    ඔක්තෝබර් 14, 2014

    574 බලසේනා මූලස්ථානයේ සහ 3 වන ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් එක් ව මුලතිව් දිස්ත්‍රික්කයට අයත් ඕලුමඩු ප්‍රදේශයේ විනාශයට පත් ව තිබූ රජයේ ආයුර්වේද රෝහල ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරිණි.


    යුදමය කාලවකවානුව තුළ මෙම රෝහල් ගොඩනැගිල්ල ත්‍රස්තවාදීන් විසින් අල්ලාගෙන පරිහරණය කරන ලදී. එය නැවත යුද හමුදාව නතු කර ගත් අතර, 532 බලසේනා බල ප්‍රදේශයේ පිහිටා තිබේ. මේ වන විට රජයේ මගපෙන්වීමෙන් සිවිල් වැසියන්ට අයත් ඉඩම් හා ගොඩනැගිලි ඔවුන්ට භාරදීම ආරම්භ කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම රෝහල නැවත ප්‍රතිසංස්කරණය කෙරිණි.

    574 බලසේනාව සහ 3 ගජබා රෙජිමේන්තුව එක්ව ප්‍රතිසංස්කරණය කළ නව ආයුර්වේද රෝහල කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් විවෘත කර ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය මොහාන් රාස් මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya