මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම 6 වන අදියරට මහනුවර සූදානම්

    ඔක්තෝබර් 14, 2014

    ඔක්තෝබර් 20 දින ඇරඹෙන දිවි නැඟුම 06 වන අදියරට සමගාමිව මහනුවර දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය. 


    ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් තෝරා ගත් ගෙවතු සඳහා එළවළු පැළ හා බිජ පැකට් ලබාදීමට කටයුතු යොදා ඇති අතර එක් වසමක් සඳහා පලතුරු පැළ 100 බැගින් ලබාදීමට කටයුතු යොදා තිබේ. එමෙන් ම ගෙවතු හිමියන්ගේ ඉල්ලීම් ලැබුණු පරිදි පොල් පැළ 25,000ක් ද කුකුළු පැටවුන් 7,421ක් ද  බෙදා දීමට කටයුතු යොදා ඇත. 


    දිස්ත්‍රික්කය පුරා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඔක්තෝබර් 20 දින සමාරම්භක උත්සව පැවැත්වීමටත්, එහිදී බීජ හා පැළ ලබාදීමටත් සැලසුම් කොට ඇත. මෙම අදියරේදී  පාසල්වලට හා කාර්යාලවලටත් බීජ හා පැළ වර්ග බෙදා දීමට නියමිතය. 

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya