මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙන් ප්‍රජා ව්‍යාපෘති රැසක්

    ඔක්තෝබර් 14, 2014

    නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබළුන් විසින් ගෝමරන්කඩවල, කුච්චවේලි, ලාහුගල සහ සෝමාවතිය ආදි ප්‍රදේශවල සිවිල් ජනතාව සඳහා උපකාර වීමේ අරමුණින් පසුගිය සතිය තුළ ප්‍රජා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන ලදී. 


    233 බලසේනා සෙබළුන් විසින් අතිගරු ජනාධිපතිතුමන්ට සහ ත්‍රිවිධ හමුදාවට සෙත් පැතීමේ පුණ්‍ය කටයුත්තක් සෝමාවතිය චෛත්‍ය රාජයාණන් ඉදිරියේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට සමගාමීව ධම්මිකා ගුණරත්න මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන් පසුගියදා පාසල් සිසුන් සඳහා අභ්‍යාස පොත් 5,700ක් ප්‍රදානය කෙරිණි.

    මීට අමතරව 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සෙබළුන් ගෝමරන්කඩවල ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්වූ අතර සිවිල් ජනතාව හා ආරක්ෂක අංශ අතර සහයෝගිතාව වර්ධනය කිරීම මෙහි අරමුණ විය.

    මේ අතර ලාහුගල කිරිවෙහෙර විහාර භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලදී.

     

    6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සංවිධානය කළ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් කුච්චවේලි, නල්ලූර් පෙරපාසලේදී පැවැත්විණි. 

    NDH/army.lk

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya