මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාට තුන් වරක් නො ව පස්වරක් වුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නෑ

    ඔක්තෝබර් 14, 2014

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තුන් වරක් නො ව පස්වරක් වුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොමැති බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල ප‍්‍රධාන ආසන සංවිධායක ලෙස කඩුවෙල මැතිවරණ කොට්ඨාසයේ හෝකන්දර රාමනායක මාවත, දැඩිගමුව දැඩිමුත්තුඩුව මාර්ගය, කොරතොට මැණිකාගාර මාර්ගය, කොස්වත්ත දුටුගැමුණු මාවත හා මාලඹේ රොබට් ගුණවර්ධන මාවත යන මාර්ග රුපියල් මිලියන එකසිය අනූවක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගියදා සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, යුද්ධය ඉවර කරන්න කළින් පාර කාපට් කරලද පාරෙ වළවල් තියෙනවද කාණු තියෙනවද කියලා කවුරුවත් බැලුවෙ නැහැ. මර භයෙන් වළවල්වල වැටි වැටී හරි පාරෙ ගියා. අද එහෙම බැහැ පාරට ගල්තාර දාලා මදි. අධිවේගී මාර්ගෙ ඇවිල්ලා ගල්තාර පාරෙ යන්න කැමති නැහැ. ඒ හින්දා දැන් පාරවල් කාපට් කරන්න වෙනවා.


    අද භයක් සැකක් නැතුව රටේ  ඕනෑ ම තැනක යන්න පුළුවන්. යාල් දේවි කෝච්චියෙ කෙළින් ම යාපනේට ගිහින් නාග විහාරෙ වැඳලා පහුවෙනිදාට කොළඹ එන්න පුළුවන්. එහෙම තත්ත්වයක් ඇති වුණේ අපේ ජනාධිපතිතුමා රණ විරුවන්ගෙ සහයෝගයෙන් මේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගත්ත නිසා. ඒ දවස්වල රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කළේ මහ කැලයක් අල්ල ගත්තා කියලා අපට විහිඑ කරන එකයි. යුද්ධය ඉවර කරපු නිසා දැන් රටේ සාමය තියෙනවා, මහා මාර්ග හැදිලා තියෙනවා, විදුලිය දීලා තියෙනවා. 


    මේ ප‍්‍රදේශයේ විදුලිය දෙන්න තැනක් නැහැ, හැමෝටම විදුලිය දීලා ඉවරයි. ජලයත් ලබාදීලා ඉවරයි. ඒ නිසා මෙවර සල්ලි වෙන් කරලා තියෙන්නෙ පාර කාපට් කිරීම සඳහා යි. පාර කාපට් කරන්න විශාල මුදලක් වියදම් වෙනවා. ඒ වගෙ විශාල මුදලක් මේ පාරවල්වලට වෙන් කරන්න පුඑවන් වුණේ ජනාධිපතිතුමාගෙ නායකත්වයෙන් යුද්ධය ඉවර කරලා රට සංවර්ධය කරන්න රජයට පුළුවන් වූ නිසයි. යුද්ධය ඉවරයි සල්ලිවලට මොකද වුණේ කියලා  විපක්ෂය අහනවා. මේ ඒවා තමයි. 


    අද විපක්ෂයේ අයට ලේසියෙන් හැමදේම විවේචනය කරන්න පුළුවන්. සමහර අය කියනවා ජනාධිපතිතුමාට තුන් පාරක් බැහැ කියලා.  එතුමාට තුන් පාරක් නෙමෙයි පස් පාරක් වුනත් පුළුවන්. ඒකෙ කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමා එන් නැත්නම් විපක්ෂයට පහසුයිනෙ. දැන් ඒ අය ඇවිල්ලා මොනවා කරන්නද? යුද්ධය ඉවර කරන්නද? සාමය ගේන්නද? පාරවල් හදන්නද? විදුලිය, ජලය දෙන්න කියන්නද?  ඕනෑ නම් කියයි අපි බඩු මිල අඩු කරනවා කියලා. ඒකත් තව සති දෙකක් තුනක් යද්දි කියන්න හම්බවෙන්නෙ නැහැ. තව සහන ගණනාවක් ඊළඟ සති දෙක ඇතුළත ජනතාවට ලැබෙනවා. අපි කියපු විදිහට තෙල් මිල, ගෑස් මිල, විදුලි බිල අඩු කෙරුවා.


    ඊළඟට කියයි යහපාලනය වගේ තව කතා වගයක්. ඒක කොළඹ කීප දෙනෙකුට තියෙන ප‍්‍රශ්නයක්. යහපාලන මොනවත් තිබුණේ නැහැ භීෂණ කාලේ. ඒ කාලයේ තරුණ තරුණියො මැරුවා තිබුණේ ඇඳිරි නීතිය. අවුරුදු තිහට අඩු අයට ඒවා මතක නැහැ. දැන් අපි මේ භුක්ති විඳින නිදහසයි, සාමයයි සංවර්ධනයයි නැති කර ගන්නවාද වෙන කාට හරි පාලනය දෙන්න ගිහිල්ලා.

    කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස, කඩුවෙල පළාත් සභා මන්ත්‍රී මංජුල බුද්ධදාස මහතා, කඩුවෙල නගරසභා මන්ත්‍රීවරුන්, කඩුවෙල ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya