මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට ඩෙල්ෆ් දූපතට 100%ක අඛණ්ඩ විදුලි සැපයුමක්

    ඔක්තෝබර් 14, 2014
    මෙතෙක් කලක් 40 %ක් ව පැවති ඩෙල්ෆ් දූපතේ විදුලි සැපයුම 100%ක් බවට පත්කරමින්, අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් වන විදුලි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම අද (14) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, ඩග්ලස් දේවානන්දා මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ.
     
    වසර 30ක කුරිරු යුද්ධය නිමා කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවයිනේ උතුරු ප්‍රදේශය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමත් සමගින්, එම ප්‍රදේශවල ජනතාවගේ ජීවන මට්ටම වඩාත් යහපත් කිරීමේ අරමුණෙන්, මෙතෙක් අඛණ්ඩ විදුලි සැපයුමක් නොතිබූ යාපනය ඩෙල්ෆ් දූපතේ විදුලි සැපයුම ස්ථාවර කිරීමට පියවර ගෙන තිබේ.
     
    මේ යටතේ රුපියල් ලක්ෂ හයසියයක් වැය කරමින්, පවුල් 1082ක් ආවරණය පරිදි මෙම විදුලි ව්‍යාපෘතිය ඉදිකර තිබේ. 
     
    ව්‍යාපෘතිය කොටස් 03 කින් සමන්විත වන අතර ඩෙල්ෆ් දූපතේ නැගෙනහිර, බටහිර සහ මධ්‍ය ප්‍රදේශයන් ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya