මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රඹුක්කන ඊරියඋල්ල ගම්මානයේ බිම්මල් නිෂ්පාදකයින්ට ස්වංරැකියා උපක‍රණ

    ඔක්තෝබර් 14, 2014

    රඹුක්කන ඊරියඋල්ල ගම්මානයේ බිම්මල් නිෂ්පාදයින්ට සබරගමුව පළාත් සභාව මගින්  ස්වයංරැකියා උපකරණ බෙදා දීමක් පසුගියදා සිදු කෙරිණ.


    සබරගමුව පළාත් සභාව විසින් රඹුක්කන ඊරියඋල්ල ගම්මානයේ ආරම්භ කළ බිම්මල් නිෂ්පාදන ගම්මානයේ මේ වන විට පවුල් හතළිහක් පමණ ස්වංරැකියාවක් වශයෙන් බිම්මල් කර්මාන්තයේ නියැළෙති.


    මෙහි දී බෙදා දුන් උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ අටක් පමණ වන අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සහභාගි විය.


    මෙම අවස්ථාවට කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ධනංජලී බංඩාර, සබරගමුව පළාත් සභවේ අධ්‍යක්ෂ අනුරුද්ධ බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද සහභාගී වී සිටියහ.


     ECB/LT/DP_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya