මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු දුම්රිය මාර්ගය දෙසැම්බර් මසදී කන්කසන්තුරෙයි දක්වා

    ඔක්තෝබර් 13, 2014
    උතුරු දුම්රිය මාර්ගය දෙසැම්බර් මසදී කන්කසන්තුරෙයි දක්වා දීර්ඝ කරන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.
     
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මටත්, දුම්රිය දෙපාර්තමේන්තුවටත්, ඉන්දීය ඉර්කෝන් සමාගමටත් මේ කාර්යය සාර්ථක ව ඉටුකිරීමට හැකි වුණි. දැන් කොළඹ සිට යාපනය දක්වා පැය 6 1/2කින් පැමිණිය හැකියි. මේ දුම්රියෙන් යන හැමෝට ම සියලු සැප පහසුකම් සහිත ව ගමනාන්තය කරා ළඟා විය හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    දැනට කොළඹ සිට යාපනය දක්වා දිවෙන දුම්රිය මාර්ගය යාපන‍යේ සිට කන්කසන්තුරෙයි දක්වා දීර්ඝ  කරන බවත් ඒ කාර්යය ලබන දෙසැම්බර් වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
     
    මැදවච්චිය සිට තලෙයි මන්නාරම දක්වා දුම්රිය මාර්ගයේ වැඩ මේ වන විට බොහෝදුරට අවසන් වී ඇත. දෙසැම්බර් අවසාන වන විට ඒ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇරඹීමට ද හැකි වේ. මෙය යුද්ධයකට පසු උතුරේ ජනතාව වෙනුවෙන් රජයට කරන්නට ලැබුණු විශාල සංවර්ධන මෙහෙයුමක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
     
    දැනට ධාවනය කරන යාල් දේවී දුම්රිය පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි පරිදි දුම්රිය මාර්ග පද්ධතිය සකස් කර ඇති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා අද (13) යාල් දේවී දුම්රියේ සිට රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.
     
    NDH/HC/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya