මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්.ටී.ටී.ඊය උතුරත්, ජ.වි.පෙ දකුණත් අරාජික කළා

    ඔක්තෝබර් 13, 2014
    විශ්වවිද්‍යාල තුළ තිබුණු නිදහස් සංවාදයන් නැති කොට තර්ක කරන්නට හිතන්නට අලුතින් යමක් කරන්නට සිසුන්ට තිබූ නිදහස නැති කොට ශ‍්‍රී ලාංකේය සරසවි පද්ධතිය අරාජික කළේ දකුණේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ඒ සියලු දේ එල්.ටී.ටී.ඊය විසින් උතුරේ කළ බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා ඊයේ (12) අනුරාධපුර තිසා වැව සේවා බලකා පාසලෙහි පැවති නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාවේ සිසු සිසුවියන් අමතමින් මේ බව ප්‍රකාශ කළේය. 
     
    1984න් 1985න් පසු ව එල්.ටී.ටී.ඊය සහ ජ.වි.පෙ සංවිධාන දෙක විශ්වවිද්‍යාලවල නිදහසේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ශිෂ්‍ය නියෝජිතයන් තෝරලා ශිෂ්‍යයන්ගේ සැබෑ හඬට නියෝජනයක් දෙන්නට තිබුණු අවස්ථාව නැති කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    විශ්වවිද්‍යාල තුළ පසුගිය අතීතයේ පැවති තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් බවත් ඒ කාලයේ දී බිහිවුණු අය අද රටේ බුද්ධිමත් ප‍්‍රජාවක් බවත් ප්‍රකාශ කළ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා 84න් පසුව වෙනස් වූ එම අවාසනාවන්ත තත්ත්වය වේගයෙන් වෙනස් කරමින් සිටින බවත් ප්‍රකාශ කළේය.
     
    කුලපතිවරු, පීඨාධිපතිවරු, අංශ ප‍්‍රධානීන් තමයි අද සරසවි පාලනය කරන්නේ. ඒ නිසා නැවතත් අපේ විශ්විවද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඇවිත්. අපට තිබෙන්නේ ලෝකයේ අන් කිසිවකුටත් නොදෙවෙනි ජාන විශේෂයක්. අපි ලෝකයා නොසිතූ වෙලාවක ක‍්‍රිකට් ලෝක කුසලානය දිනුවා, ඔලිම්පික් පදක්කම් ගත්තා, අදත් දර්ශාගේ සුසන්තිකාගේ ආසියානු වාර්තා බිඳින්නට කෝටි 133ක් ඉන්න චීනයටවත් කෝටි 113ක් ඉන්න ඉන්දියාවටවත් කෙල්ලෙක් හදාගන්න බැරි වුණා. 
     
    සුවිශේෂත්වය හඳුනාගැනීම තුළින් නොබෙල් ත්‍යාගලාභීන් වන්නට ඔබට ද පුළුවන් යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya