මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්කඩේ අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය හෙට ජනතා අයිතියට

    ඔක්තෝබර් 13, 2014
    වසර 32කට පසු රුපියල් මිලියන 13.5ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 12, අලුත්කඩේ අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (14) පස්වරු 4.30 ට සිදුකිරීමට නියමිතය.
     
    නිවාස 73කින් හා වෙළෙඳසැල් 22 කින් අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය සමන්විත වේ. 
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන “ජන සෙවණ”ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාවට නැංවෙන “නගමු පුරවර ” පැරණි මහල් නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ මෙම නිවාස සංකීර්ණය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කර ඇත. 
     
    මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින්  මෙහෙයවන ලදී. නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා මහත්වරු, මහල් නිවාස වැසියන් හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya