මාතර දිස්ත්රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් සඵලදායී විවිධ තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන මාතර දිස්ත්රික් කෘෂිකර්ම කමිටු රැස්වීම මාතර දිස්ත්රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්රධානත්වයෙන් හෙට (14) පෙරවරු 9.30ට මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේදී පැවැත්වේ.
මේ අවස්ථාවට දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 16ම නියෝජනය වන පරිදි සියලු ම ප්රදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්රයට සම්බන්ධ රාජ්ය නිලධාරීන්, පෞද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයෙන් සහභාගිවීමට නියමිතය.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරයි.
DB