රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් බඳවාගෙන පුහුණු කාලය අවසන් කළ නව ග්‍රාමසේවා නිලධාරීන් 119 දෙනෙකු වෙනුවෙන් ස්ථිර පත්වීම් ලබාදීම පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් සිදු කෙරිණ.
ඒ සමඟ ම අලුතින් පුහුණුව සඳහා බඳවා ගන්නා ලද ග්‍රාමනිලධාරීන් 29 දෙනෙකු වෙනුවෙන්ද පත්වීම් ලබාදෙන ලදී. පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.
ECB