මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සැමට විවෘතයි

    ඔක්තෝබර් 13, 2014
    පක්ෂ, පාට, ජාති, ආගම් භේදයකින් තොර ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සැමට විවර කර ඇති සංවර්ධනය ජනතාව අතරට ගෙන යාම මහජන නියෝජිතයන්ගේ සහ ආයතනවල වගකීම බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
     
    උතුරු වසන්තය වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක පුර නැඟුම ග‍්‍රාමීය සහ කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ප‍්‍රතිපාදන මත ඉදිකළ නානාට්ටන් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
     
    මහල් දෙකකින් යුත් මෙම සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය පුටු ලබා දෙන ලෙස නානාට්ටන් ප‍්‍රාදේශීය සභාවේ සභාපති අම්බුරාජ් ලැම්බට් මහතා විසින් කළ ඉල්ලීමට අනුව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් මෙම සංස්කෘතික මධ්‍යස්ථානයට අවශ්‍ය පුටු ලබාදීමට ද එකඟ විය.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේ වසර ගණනාවක් පැවති ත‍්‍රස්තවාදය හේතුවෙන් පක්ෂ, පාට, ජාති, ආගම් භේදයකින් තොරව මර බියෙන් ජීවත් වූ ජනතාවට අද මර බියක් නොමැතිව ජීවත් වීමටත්, තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමටත්, හැකි වාතාවරණයක් ඇති කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පියවර ගත් බවයි. රටේ පවතින සමකාමී වතාවරණය විනාශ කරමින් නැවත රට අඳුරු යුගයකට තල්ලු කිරීමට බටහිර බලවේග ප‍්‍රමුඛ ඇතැම් පිරිස් කටයුතු කරන බවත්, එවැනි බලවේග මඟින් ඉරානය, ලිබියාව වැනි රටවල මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය වැනි වදන් ඉදිරියට දමමින් ඇති කළ විනාශය අදත් 
    ජනතාව බිලිගනිමින් සිටින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ අපගේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් සමකාමී රටක් උරුම කිරීම සඳහා වැරදි ප‍්‍රචාරයන්ට අසු නොවී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ එක් ව කටයුතු කිරීමට එක් වන ලෙසය.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මන්නාරම ප‍්‍රදේශයේ විශාල සංවර්ධනයක් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් මත රිෂාඩ් ඇමතිතුමා කටයුතු කර ඇති බවය. ඉදිරියට ද ජනතාවගේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක් ම ගන්නා බවත් පැවසූ අමාත්‍යවරයා, හොඳ ම දේ දරුවන්ට යන සංකල්පයේ සිටින ජනාධිපතිතුමා මෙම ප‍්‍රදේශයේ දරු දැරියන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සෑම පහසුකමක් ම ලබා දීමට පියටර ගන්නා බවත්, දරු දැරියන්ගේ තාක්ෂණ දැනුම වර්ධනය සඳහා මහින්දෝදය තාක්‍ෂණික විද්‍යාගාර හා විද්‍යාපීඨ ලබාදීමට පියවර ගන්නා බවත් පැවසීය. 
     
    ජනාධිපතිතුමාගේ සංවර්ධන වැඩසටහන සඳහා එක් ව කටයුතු කළ නානාට්ටන් ප‍්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ප‍්‍රමුඛ මහජන නියෝජිතයන්ටත්, ප‍්‍රදේශවාසී ජනතාවටත් තම ගෞරවය පුදකරන බව ද මෙහිදී බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වූ නානාට්ටන් ප‍්‍රාදේශීය සභාවේ සභාපති අම්බුරාජ් ලැම්බට් මහතා සඳහන් කළේ තම ප‍්‍රදේශයේ සංවර්ධනය සඳහා විශාල මෙහෙයක් සිදු කරන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සහ බැසිල් රාජපක්‍ෂ ඇමතිතුමාට තමාගේත්, තම ජනතාවගේත් ගෞරවය පුදකරන බවය.
     
    මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එන්. ෆාරුක්, බී.ෆාරුක් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, පාකිස්තානු මහ කොමසාරිස් කාසීම් කුන්ජි මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
     
    DB
     
    MP BR NANTTAN 1
     
     
    MP BR NANTTAN 2
     
    MP BR NANTTAN 3
     
    MP BR NANTTAN 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya