මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාල් දේවී හෙට සිට ගල්කිස්සෙන් ඇරඹේ

    ඔක්තෝබර් 13, 2014
    (යාපනයේ සිට) කොළඹ සිට පලෙයි දක්වා දිවෙන යාල් දේවී දුම්රිය අද (13) සිට යාපනය දක්වා දීර්ඝ කෙරෙන අතර එම දුම්රිය හෙට (14) සිට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර යාපනය දක්වා ගමන් කරන බව පලෙයි දුම්රිය ස්ථානාධිපති නන්දන විතානගේ මහතා පවසයි.
     
    හෙට උදේ 6.30ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන යාල් දේවී දුම්රිය උදේ 7.15ට කොළඹ කොටුවට පැමිණෙයි. එම දුම්රිය යාපනය දුම්රිය ස්ථානය වෙත ළඟා වෙන්නේ සවස 3.07ටයි.
     
    මීට අමතරව හෙට සිට ගල්කිස්සෙන් උදේ 5.10ට ආරම්භ වන A/C සුපර් ලක්සරි  දුම්රිය 11.56ට යාපනය ‍දුම්රිය ස්ථානය වෙත ළඟා වේ. මේ දුම්රිය උදේ 5.50ට කොළඹ කොටුව වෙත පැමිණේ. එතැන් සිට අනුරාධපුර, වව්නියාව, කිලිනොච්චිය දක්වා දුම්රිය ස්ථානවල පමණක් නවත්වනු ඇත.
     
    දැයට කිරුළ දුම්රිය හෙට සිට කොළඹ කොටුවෙන් උදේ 11.50ට ආරම්භ වී සවස 6.15ට යාපනය වෙත ළඟා වනු ඇත. 
     
    රාත්‍රී තැපැල් දුම්රිය ද හෙට සිට රාත්‍රී 7.45ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර මේ දුම්රිය පසුදා පාන්දර 5.07ට යාපනය වෙත ළඟා වේ.
     
    මගී ජනතාවට මේ දුම්රිය ගමන් සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර ක්ෂණික ඇමතුම් (On line) හරහා කලින් වෙන් කර ගත හැකි වේ. දිනකට කොළඹ සිට යාපනය දක්වා දුම්රිය 04ක් ද යාපනයේ සිට කොළඹ දක්වා දුම්රිය 04ක් ද ධාවනයේ යොදවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    මේ වන විට පලෙයි සිට යාපනය දක්වා ගමන් කිරීමට නියමිත යාල් දේවී දුම්රිය සූදානම් කර පලෙයි දුම්රිය ස්ථානයේ ඇත. ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා, ආරක්ෂක අංශ සාමාජිකයන් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නව දුම්රිය වෙත පැමිණෙන තුරු බලා සිටින බව ද යාපනයේ සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කරති. 
     
    HC/SDF/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya