මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ දුම්රිය ස්ථාන රැසක් ජනපති අතින් අද ජනතා අයිතියට

    ඔක්තෝබර් 13, 2014

    (යාපනයේ සිට) මෙතෙක් කිලිනොච්චියේ පලෙයි දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ යාල් දේවී දුම්රිය අද (13) සුභ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දක්වා ගමන් අරඹන අතර එම මාර්ගයේ අලුතින් ඉදිකර ඇති දුම්රිය ස්ථාන කිහිපයක් ද ජනාධිපතිතුමා අතින් විවෘත වීමට නියමිතය.


    පලෙයි දුම්රිය ස්ථානය, කොඩිගාමම් දුම්රිය ස්ථානය, එළුදුමට්ටුවාල් දුම්රිය ස්ථානය, මිරිසුවිල් දුම්රිය ස්ථානය, මීසාලෙයි දුම්රිය ස්ථානය, සංකත්තානෙයි දුම්රිය ස්ථානය, චාවාකච්චේරි දුම්රිය ස්ථානය, නාවට්කුලි දුම්රිය ස්ථානය, තච්චන්තෝප්පු දුම්රිය ස්ථාන සහ පුන්කන්කුලම් දුම්රිය ස්ථානය යන දුම්රිය ස්ථාන ද යාපනය බලා දුම්රිය ධාවනය ආරම්භ කිරීමත් සමඟ ජනතා අයිතියට පත් වනු ඇත.


    මෙම දුම්රිය ස්ථාන කිහිපයක් ම ජනාධිපතිතුමා අතින් අද විවෘත වීමට නියමිතය.


    ටෙලෝ, එල්ටීටීඊ ආදී උතුරේ අවිගත් කණ්ඩායම් විසින් වරින් වර ප්‍රහාර එල්ල කරනු ලැබීමෙන් නවතා දමා තිබූ යාල් දේවී දුම්රිය යළිත් යාපනය දක්වා අද ගමන් කරමින් මගී ප්‍රවාහන සේවා ආරම්භ කරන්නේ වසර 24කට පසු වය.


    1985 ජනවාරි 19 දින මුරුක්කන්ඩි සහ මාන්කුලම් අතරතුර දී දුම්රිය ත්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරයට ලක්වූයේ එය අලිමංකඩින් කොළඹ දක්වා ගමන් ඇරඹීමෙන් පසුවය. ඉන්පසු යාල්දේවී දුම්රිය ධාවනය කිරීම මාස කිහිපයක් ද නවත්වා දමා තිබුණි. යළිත් එය ගමන් ආරම්භ කළේ අගෝස්තු 29 දිනය. එදිනම වව්නියාවෙන් ඔබ්බට දුම්රිය යා නොහැකි වන ලෙස වවුනියාවට සැතපුම් දෙකක් පමණ උතුරින් පිහිටි තාන්ඩිකුලම් හිදී දුම්රිය මග පුපුරවා හැරිණි. ඉන් පසුව 159 සැතපුම් කණුව අසල තිබූ අඩි 20ක් පමණ දිගැති පාලමක් පාලම් දෙකක් පුපුරවා දැමීමට ත්‍රස්තවාදීහු කටයුතු කළහ.


    මෙලෙස යාපනය සහ කොළඹ යා කළ යාල්දේවී දුම්රියට අවස්ථා කිහිපයකදීම ටෙලෝ, එල්.ටී.ටී.ඊ., ආදි සන්නද්ධ පිරිස් ප‍්‍රහාර එල්ල කළහ. ත‍්‍රස්තවාදීන් දීර්ඝ කාලයක් තිස්සේ යාල් දේවී දුම්රිය ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළ අතර 1990 ජූනි 12 දක්වා ම උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.


    ත්‍රස්තවාදයෙන් මාතෘභූමියේ සෑම බිම් අඟලක් ම නිදහස් කරගත් එම මෙහෙවර ඉටුකළ නායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කෙටි කාලයක් තුළ උතුරු දුම්රිය මාර්ගය නිමකරවා යාපනය දක්වා දුම්රිය ධාවනය කරවීමට පියවර ගැනීම ඓතිහාසික සිදු වීමක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත.


    HC/SDF

     

    Palai railway station

    Chavakachcheri Railway station

     

    punkankulam Railway station

     

    Navatkuli Railway station

     

    Sankaththanai Railway station

    thachchanthoppu Railway station

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya