මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ජනපති රට අවදිකර ගමේ වැඩ කිරීමට ශක්තිය ලබාදී ඕනෑ ම රටක් සමඟ කරට කර සිටින සේ රට ඔසවා තැබුවා”

    ඔක්තෝබර් 12, 2014

    - ඇමති බැසිල් ගැමිදිරිය නියෝජිත හමු අමතමින් කියයි


    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට අවදි කළා පමණක් නො ව නිදහස ලබාදී රට ඔසවා තබා ගමේ පොදු වැඩ ඉටු කිරීම සඳහා ශක්තිය ලබාදුන් බවද ශ්‍රී ලංකාව තෙවැනි ලොවට පමණක් නො ව ආසියාවේ ඕනෑ ම රටක් සමඟ කරට කර සිටින ලෙස ඔසවා තැබූ බවද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

     

    ගැමි දිරිය යටතේ ඇති කිසිදු ග්‍රාමීය සංවිධානයක් විසුරුවන්නේ නැති අතර එහි සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කරමින් සහ එයට තව තවත් ශක්තිය ලබාදී ලබන වසරේ අය-වැයෙන් ගමට වැඩකිරීම සඳහා අරමුදල් ලබාදීමටද ජනාධිපතිතුමා තීරණය කර ඇති බැවින් ග්‍රාමීය සංවිධාන මගින් කරගෙන යන සංවර්ධන කටයුතු අඛණ්ඩව කරගෙන යා යුතු බවද අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් පැවසීය.
     

    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ගැමි දිරිය ව්‍යාපෘතියේ ග්‍රාමීය සංවිධානවල දිස්ත්‍රික්ක 11ක නියෝජිතයින් වෙනුවෙන් බත්තරමුල්ල අපේ ගම සංකීර්ණයේදී සුහද හමු 04ක් අමතමිනි. මෙම හමුවලට කෑගල්ල, නුවරඑළිය, පොලොන්නරුව, මොනරාගල, හම්බන්තොට, රත්නපුර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක 11ක නියෝජනය කරමින් ගැමි දිරිය නියෝජිතයින් 4,000කට ආසන්න පිරිසක් එක් වී සිටියහ.
     

    ප්‍රජා සංවර්ධන සහ ජීවන මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය(ගැමි දිරිය) නියමු වැඩසටහනක් ලෙස 1999 පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඇරඹූ අතර එය ලෝක බැංකුව සහ රජය අතර ගිවිස ගත් පරිදි සැප්තැම්බර් 30වැනිදාගෙන් අවසන් වන විට දිස්ත්‍රික්ක 11ක ග්‍රාමීය සංවිධාන 1844 මගින් ක්‍රියාත්මක විය. එමගින් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 9400ක්ද නව තාක්ෂණය හඳුන්වා දෙමින් ඵලදායිතාව වැඩි කිරීම සඳහා නිෂ්පාදන කණ්ඩායම් 433ක්ද ජීවන මාර්ග ව්‍යාපෘති 386,622ක්ද බිහිකර තිබේ.

    මෙහිදී වැඩිදුරටත් කථා කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. “ප්‍රජාව, ගමේ ජනතාව, ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට රජය ලබාගත් ණය මුදලක් මාර්ගයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කලා එම ව්‍යාපෘතිය ආරම්භ කල කාලයේදී මව්බිමේ ආර්ථික තත්ත්වය වැටී තිබුණා. සුනාමිය නිසා විශාල පිරිසක් මිය ගොස් මුහුදු කරයේ ජීවන මාර්ග ඇහිරී තිබුණා. කොටි ත්‍රස්තවාදීන් නිසා ආයෝජකයින් රට තුළට ආවේ නැහැ. නමුත් 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වූ පසු 30 වසරක යුද්ධය නිමාකර රට අවදි කළා. එදා තිබු තත්ත්වය අනුව විදුලිය දෙන්න බෑ, පාසල් ගොඩනැගිලි දෙන්න බෑ. ගෘහ ආර්ථිකය  ශක්තිමත් කරන්න බැහැ. එහෙත් ජනාධිපතිතුමා එය සියල්ල වෙනස් කළා. දෙන්න බෑ කියලා හිතපු සහ කියපු දේ සියල්ල ජනතාවට ලබා දුන්නා.
     

    ගමේ ජනතාවගේ දියුණුව සඳහා ජනතා අයවැයෙන් මුදල් දුන්නා. එතරම් ශක්තිමත් ආර්ථිකයක් දැන් හදා තිබෙනවා. ගැමි දිරිය ව්‍යාපෘතිය ගිවිසුම නිමා වූවද ග්‍රාමීය සංවිධානවල ක්‍රියාකාරකම් පෙරටත් වඩා ශක්තිමත් ව ගෙන යෑමේ පසුබිම ජනාධිපතිතුමා සකසා තිබෙනවා. කඩාකප්පල්කාරී සංවිධානාත්මක පිරිස් සුළු පිරිසක් නොමඟ යවා පටු වාසි ලබාගන්න්නට හදනවා. කිසිදු ග්‍රාමීය සංවිධානයක් විසුරුවන්නේ නැහැ. එම සංවිධාන සඳහා එකතු වූ කිසිදු මුදලක් රජය ගන්නේ නැහැ. එය ශක්තිමත් කිරීම තමයි කරන්නේ. ව්‍යාපෘතියක්  ඉවර වූවද ඒවා කඩා වැටීමට කිසිවිටකත් ඉඩ දෙන්නේ නැහැ.
     

    ගැමි දිරිය යටතේ කටයුතු කළ සංවිධානවල තීරණ ගැනීම ජනතාව සතුයි. එම සංවිධානවල අයිතිය ද ඔවුන් සතුයි. ගමේ සංවර්ධන වැඩකටයුතු තව තවත් වේගවත් කිරීමට ඔවුන් දිරිගන්වනවා. ප්‍රජාව මගින් ශක්තිමත් වීමට ඉඩදීම රජයේ අරමුණයි. ජනාධිපතිතුමා ජනතාවගේ අපේක්ෂාවෙන් ඉටු කරන නිසා විරුද්ධවාදීන් ඒවා කඩාකප්පල් කිරීමට විවිධ චෝදනා කරනවා. දුප්පත්කම දුරලීමේ රජයේ වැඩසටහන යටතේ ඔබ සැමට විශාල ශක්තියක් අත් වෙනවා.” අමාත්‍ය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
     

    මෙම හමුවන් අමතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉංජිනේරු එස්.කේ ලියනගේ,  අතිරේක ව්‍යාපෘති අධ්‍යක්ෂක (වැඩසටහන්) ආචාර්ය ඩබ්ලිව්. ජී. සෝමරත්න යන මහත්වරු ඇතුළු ග්‍රාමීය සංවිධාන නියෝජිතවරු කිහිපදෙනෙක් ම අදහස් දැක්වූහ.


    HC/DW_med

    President boosted countrys image in Asia gemi diriya meeting 1

     

    President boosted countrys image in Asia gemi diriya meeting 2

     

    President boosted countrys image in Asia gemi diriya meeting 3

     

    President boosted countrys image in Asia gemi diriya meeting 5

     

    President boosted countrys image in Asia gemi diriya meeting 6

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya