මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට විදෙස් ආරාධනා

    ඔක්තෝබර් 12, 2014
    අපේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට නැවතත් ඔක්ස්ෆර්ඩ්, කේම්බි‍්‍රජ් වැනි විශ්වවිද්‍යාලවලින් ආරාධනා ලැබෙන බවත් පසුගිය කාලයේ විශ්වවිද්‍යාලවල ඇතිවුණු ප‍්‍රබෝධය සහ පිබිදීම නිසා ලෝක ශ්‍රේණිගත කිරීම්වල අපේ සරසවි ඉහළට ආ බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) තලාව ඉංජිනේරු සේවා පුහුණු පාසලේ පැවති නායකත්ව හැකියා සහ ධනාත්මක චින්තනය වර්ධනය කිරීමේ පාඨමාලාවේ සිසු සිසුවියන් අමතමිනි.
     
    2010වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 14000ත් 27000ත් අතර තිබුණු විශ්වවිද්‍යාල අද පළමු 1000 අතරට පළමු 2000 අතරට පළමු 3000 අතරට පැමිණ තිබීම ඉහළ මට්ටමේ ළඟාවීමක්. මේ නිසා ම නැවතත් අපේ ආචාර්ය මහාචාර්යවරුන්ට විදේශ විශ්වවිද්‍යාලවලින් විශාල ඉල්ලුමක් තිබෙනවා.
     
    පසුගිය අවුරුදු දෙකක් තුනක් ඇතුළත අපේ විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයෙන් නව නිපැයුම් ගණනාවක් ඉදිරිපත් වුණා. එම නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත‍්‍ර ලබා ගත්තා. රබර්වලින්, කුරුඳුවලින්, තේවලින් අලුත් නිපැයුම් කරමින් අමුද්‍රව්‍ය වෙනුවට නිමි ද්‍රව්‍ය  පර්යේෂණ කටයුතු විශාල වශයෙන් වැඩි වුණා. සෑම සරසවියකට ම වෙන් කරන මුදලින් සියයට 10ක් පර්යේෂණ සඳහා යෙදවීමට අපි උපදෙස් ලබා දී තිබෙනවා. ආචාර්යවරුන් පර්යේෂණ සඳහා දිරි ගැන්වීම සඳහා සියයට 35ක පර්යේෂණ දීමනාවක් ලබාදීමටත් අපි කටයුතු කරනවා. විශ්වවිද්‍යාල ඉතා වේගයෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්නට ඒක විශාල පිටිවහලක් වුණා.
     
    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාද් උපාධි සඳහා විදේශයන්ට යැවීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ දැනුම වර්ධනය වෙනවා වගේ ම ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමටත් ජාත්‍යන්තර දැනුම ලබා ගැනීමටත් එයින් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාර්ථීන් බවට පත්කිරීමටත් විශාල රුකුලක් වෙනවා. කාලයක් තිබුණා අපේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් තමන්ගේ ප‍්‍රථම උපාධිය මව් භාෂාවෙන් කරලා පශ්චාද් උපාධිය පමණක් නොවෙයි ආචාර්ය උපාධියත් එක ම විශ්වවිද්‍යාලයෙන් මව් භාෂාවෙන් ම අවසන් කරපු. එයින් වුණේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අපි ඉතා ම පහළට වැටුණු එක. නමුත් අපි මේ සියල්ල වෙනස් කළා. අද පශ්චාද් උපාධි ඉංග‍්‍රීසියෙන් හැදෑරිය යුතු යි සෑම ආචාර්යවරයෙක් ම. ආචාර්ය උපාධිය පිටරටකින් ලබා ගැනීම කෙරෙහි ආචාර්යවරුන් දිරිගන්වන්නට අපි සෑම උත්සාහයක් ම අරගන්නවා. ඒ අනුව මේ වන විටත් ඒ අයට මූල්‍යමය සහය මෙන් ම ශිෂ්‍යත්ව ලබාදීමටත් අපි කටයුතු කර තිබෙනවා. මේ වනවිට ආචාර්යවරුන් 300ක් පමණ විදේශයන්ට ගොස් තිබෙනවා තමන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා. ජාත්‍යන්තර දැනුමත් සමඟ අපේ දරුවන් අලුත් කරන්නට එයින් හැකි වෙනවා.
     
    2010 දක්වා විශ්වවිද්‍යාලවල ඇතැම් ආචාර්යවරුන්ට ආචාර්ය උපාධිය පිරිනැමුණේ නිසි ඇගයීමකින් තොර ව. නිසි පරිදි පර්යේෂණ නිබන්ධන පරීක්ෂාවකින් තොර ව. නමුත් දැන් එසේ ආචාර්ය උපාධි පිරි නැමීම අපි නවත්වා තිබෙනවා. ඒ තුළින් පිරිනැමෙන ආචාර්ය උපාධිය වටිනාකමකින් යුත් එකක් සේ ම ජාත්‍යන්තරයට ගෙන යා හැකි එකක් බවට පත් වෙනවා. එයින් ඉබේ ම අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ශ්‍රේණිගත කිරීම්වල දී ඉහළට යනවා. 
     
    ඔබ ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් ලෝකයේ කිසි ම රටකට නෙදෙවෙනි ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් බවත් ඒ හැකියාවෙන් ඔබේ රටට ශක්තියක් වෙන්න යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති මාවැල්ලගේ, ඉංජිනේරු සේවා පුහුණු පාසලේ සේනා විධායක ලුතිතන් කර්නල් එන්.ඩබ්.පී.එස්.එම්. පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya