මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා මහ බැංකුව බදු දිරිගැන්වීම් පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කරයි

    ඔක්තෝබර් 11, 2014

    ශ‍්‍රී ලංකා මහ බැංකුව මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශයේ එකඟත්වය ඇතිව, සුදුසුකම් ලැබීමේ ගෙවීම් වශයෙන් මූල්‍ය ආයතන අත්පත්කර ගැනීමේ/ඒකාබද්ධ කිරීමේ පිරිවැය නිර්ණය කිරීමට සහ  ඕනෑම අන්තර්ග‍්‍රහණය නොකරන ලද යෙදවුම් බැරකම් මත ඉල්ලා සිටීමේ හැකියාව සඳහා, පිළිවෙළින්, දේශීය ආදායම් පනතේ සහ එකතු කළ අගය මත බදු පනතේ සඳහන් නියමයන්ට අනුව මාර්ගෝපදේශ නිකුත් කර ඇත. 


    මෙම මාර්ගෝපදේශයන් බලපත‍්‍රලාභී බැංකු, බලපත‍්‍රලාභී මූල්‍ය සමාගම් හා විශේෂිත කල්බදු සමාගම් සඳහා 2014 අපේ‍්‍රල් 01 දින සිට බල පවත්වනු ඇත. 

    මෙම මාර්ගෝපදේශයන්, ව්‍යාපාර අඛණ්ඩ පැවැත්මෙන් යුතු ව අත්පත්කර ගැනීමේ, ව්‍යාපාර කොටස් අත්පත්කර ගැනීමේ හා වෙනත් බැංකු, මූල්‍ය සමාගම් හෝ කල්බදු සමාගම් සමඟ ඒකාබද්ධවීම් සම්බන්ධ ව පිරිවැයෙහි අන්තර්ගත අයිතමයන් නියම කරයි. ඒ අනුව අත්පත්කර ගැනීමේ පිරිවැයට, ගැනුම් ප‍්‍රතිෂ්ඨාව, වෘත්තීයමය ගාස්තු, ලිපිලේඛන ගාස්තු, තොරතුරු පද්ධති සඳහා වන වියදම්, මානව සම්පත් සම්බන්ධ පිරිවැය, ප‍්‍රචාරණ වියදම් සහ අත්පත්කර ගැනීමේ/ඒකාබද්ධ කිරීමේදී යොදවන ප‍්‍රාග්ධනය 
    ඇතුළත් වේ. 


    මෙම පිරිවැය අත්පත්කර ගැනීමේ/ඒකාබද්ධ කිරීමේ වර්ෂයේ තක්සේරු කරන ලද ආදායමෙන් 1/3ක උපරිමයකට යටත් ව අඩුකර ගැනීමට අවසර දෙනු ලැබේ. එසේ වුවද, අත්පත්කර ගන්නා මූල්‍ය ආයතනයේ තක්සේරු කළ හැකි ආදායම රුපියල් මිලියන 300ට වඩා අඩු වන්නේ නම් සුදුසුකම් ලැබීමේ ගෙවීම්, තක්සේරු කළ හැකි ආදායම දක්වා අඩු කරගත හැකි අතර, ශේෂය අනාගත තක්සේරු කළ හැකි සන්නිවේදන දෙපාර්තමේන්තුව 2014 ඔක්තෝබර් 10 ආදායමෙන් හිලව්කර ගැනීමට හැකිවනු ඇත. අත්පත්කර ගැනීමේදී/ඒකාබද්ධ කිරීමේ දී පවරනු ලබන කොටස් ගැසට් නිවේදනයක් මඟින් මුද්දර ගාස්තුවලින් නිදහස් කෙරෙනු ඇත.

    මෙම මාර්ගෝපදේශයන් මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ක‍්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙන යාමට හා දැනටමත් සිදුවෙමින් පවත්නා බැංකු, මූල්‍ය සමාගම් හා කල්බදු සමාගම් ඒකාබද්ධ කිරීමේ හා අත්පත්කර ගැනීමේ ක‍්‍රියාමාර්ගය කඩිනමින් සම්පූර්ණ කර ගැනීමට අනුබල දෙනු ලබයි. මෙමඟින් මූල්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් ව හා ස්ථාවර ව පවත්වාගෙන යාම සඳහා වන ශ‍්‍රී ලංකා රජයේ සහ මහ බැංකුවේ කැපවීම තහවුරු කරයි.

    මෙම මාර්ගෝපදේශ  www.cbsl.gov.lk යන මහ බැංකු වෙබ් අඩවියෙහි ඇතුළත් ව ඇති බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. 


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya