මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹට නව සතිපොළ 28ක්

    ඔක්තෝබර් 12, 2014
    වයඹ පළාත තුළ රුපියල් මිලියන 400ක වියදමින් නව සතිපොළ 28ක් ඉදිකිරීමට වයඹ පළාත් සභාව පියවර ගෙන ඇත.
     
    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් මත මෙලෙස අලුතින් සතිපොළ 28ක් ඉදිකිරීමට වයඹ පළාත් සභාව කටයුතු කෙරේ.
     
    විජය උඩගම, මූනමල්දෙනිය, මාවී ඇළ, බමුණාකොටුව, වරාවැව, බෝයවලාන, නාන්නේරිය, ඇතටුවැව, කන්නෝරුව, මීගලෑව, මඩගල්ල, වීරපොකුණ, කැප්පෙටිගල, ආඬිගම, තලවිල, හාල්පන්විල, කිතලව, දියවල, තබ්බෝව, වනාතවිල්ලුව, මූන්දලම, කිරිමැටියාන, නාරම්මල, නාගොල්ලාගම, කුලියාපිටිය සහ දුම්මලසූරිය ආදි ප්‍රදේශවල මෙලෙස නව සතිපොළ ඉදිකිරීමට නියමිතව ඇත.
     
    මෙම සතිපොළ ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ සතිපොළ 10ක ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර ඉතිරි ප්‍රමාණය දෙවැනි අදියර යටතේ ඉදි කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya