මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල නව නිවාස සංකීර්ණයකට මුල්ගල තබයි

    ඔක්තෝබර් 11, 2014
    කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය, නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (09) සිදු කෙරිණි. 
     
    වසර 20ක් මුළුල්ලේ දුප්පත් ජනතාව නිසි වාසස්ථානයක් නොමැතිව ජීවත්වූහ. මෙම ප්‍රදේශයේ නොයෙකුත් දේශපාලඥයන් විවිද අවස්ථාවන්හිදී නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට පොරොන්දු දී තිබුණත් එම වැඩසටහන ආරම්භ වී නොමැත. එම නිසා වයඹ ප්‍රධාන අමාත්‍යවරයාගේ සංකල්පයක් පරිදි යෝජිත නව නිවාස සංකීර්ණය ඉදිකිරීමේ  වැඩ ආරම්භ විය.
     
    මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල, උද්භිද උද්‍යාන සහ පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත්, වයඹ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් වෙඩරුව, කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya