මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2009දී ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ රටේ ත‍්‍රස්තවාදය අවසන් කළා

    ඔක්තෝබර් 11, 2014

    2009දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ අපි සේරම එක්වෙලා එකට තීන්දු අරගෙන මේ රටේ ත‍්‍රස්තවාදය අවසන් කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    "ඒ ත‍්‍රස්තවාදය අවසන් කළාට නොයෙකුත් සිතුවිලි අවසන් වෙන්නේ නැහැ.  ඕන කෙනෙකුගේ ජාතිවාදය, ආගම්වාදය තියෙනවා. අපි බෞද්ධයෝ විදියට දන්නවා බුදු හාමුදුරුවන්ගෙන් කාලාම සුත‍්‍රයේදී පරිභ්‍රාජිකයෝ ඇහුවා ජාතීන් කියන්නේ මොකක්ද? කියලා. බුදු හාමුදුරුවෝ කිව්වා මගේ ධර්මයට අනුව නම් ජාතිය මිනිස් ජාතිය පමණයි වෙන ජාතියක් නැහැ. තියෙනවා නම් ඒ සිවුපා ජාතිය, උරග ජාතිය පමණයි. නමුත් අපි බෞද්ධ දර්ශනය ගැන කතා කර කර, බුදු දහම ආරක්ෂා කරන්න කියලා බෞද්ධ දර්ශනයේ තියෙන ඉගැන්වීම්වලට විරුද්ධව යනවා. එතකොට මේ ජාතිවාදයට, ආගම්වාදයට, වර්ගවාදයට, කුලවාදයට වඩා ඉහළින් හිතන්න නම් තමන් ඊට වඩා ඉහළින් හිත දියුණු කරගන්න ඕනෑ මනුස්සකම ගැන හිතන්න. අපි ඔක්කොම මිනිස්සු. සතුන්ට වඩා අපේ වෙනස අපිට ඉහළ මානසිකත්වයක් තිබීමයි. ඒ බුද්ධිය, මනස අපි හොඳට පාවිච්චි කරන්න  ඕන. එතකොටයි අපි සත්ත්ව කොට්ඨාසයෙන් වෙන් වෙලා මනුෂ්‍ය වර්ගයක් විදියට හිතන්නේ" යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බේරුවල ආසනයේ මග්ගොන ප‍්‍රදේශයේ පැවති උත්සවයේදීය.

    අපේ රටේ ඉතිහාසය බැලුවොත්, අපි නිදහස ගන්න කොට අපි දෙවැනි වුණේ ජපානයට විතරයි. එදා අපේ ඒකපුද්ගල ආදායම ඩොලර් 88 වෙන කොට ජපානයේ ආදායම ඩොලර් 89යි. අද මේ වෙද්දී ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් 34,000යි. අපි ඊයේ පෙරේදා තමයි ඩොලර් 2000 පසු කළේ. ඉතින් මේ සියලු දේට ම හේතුව අපි දිගට ම ජාතිවාදී කෝලාහල. මේ මෑතක සිට ආගම්වාදී කෝලාහල, කුලමල භේද මේ සේරම කරපින්නාගෙන තමයි ඉදිරියට ගියේ. එතකොට අපේ රටට ඉදිරියට යන්න බැහැ. මේ විදියට අරගල කළාම මේ රටට එන විදේශිකයෝ අඩුවෙනවා. අපිට ආර්ථික ප‍්‍රශ්න විශාල විදියට ඇතිවෙලා තියෙනවා. අපේ රටට තියෙන ගරුත්වය නැතිවෙලා තියෙනවා. අපේ රටේ ඉන්නේ ම්ලේච්ඡ මිනිස්සු කියා හිතනවා. ඒ නිසා ඉතා සුළු පිරිසක් බොරු ප‍්‍රචාර ඇති කරන නිසා අද මුළු රටක් පරිහානියට පත්වෙලා. අපි බොහොම අමාරුවෙන් ආරක්ෂා කරලා, ජීවිතය පුජාකරලා බේරගත්ත රට අද ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලට ගොදුරු වෙන්නට ලෑස්ති කර තියෙනවා. ජාත්‍යන්තරයට ගියා ම ඒ අයට සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කියා වෙනසක් නැහැ. මේ කුමන්ත්‍රණ නිසා ඒ අය අපිට ලබාදෙන ආධාර, ආයෝජන, අපේ රටට එන විදේශිකයන් ප‍්‍රමාණය අඩු වෙනවා. ජාතිවාදය පරාද කරපු හැම රටක්ම දියුණු වෙලා ඉවරයැ"යි ඔහු පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya