මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු සේවා ව්‍යවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

    ඔක්තෝබර් 11, 2014

    ගුරුවරුන්ගේ උසස් වීම් සහ ඊට අනුරූපීව වැටුප් වර්ධක ලබාදීම සඳහා සකස් කරන ලද ගුරු සේවා ව්‍යවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ පළාත් සභා යටතේ සේවය කරන සියලු ම ගුරුවරුන්ට හිමි උසස්වීම් සහ වැටුප් වර්ධක මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්හට උපදෙස් ලබා දුන් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය. 

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10)  අලව්ව, හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පවරා දීමේ උත්සවයට එක්වෙමිනි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ උසස් වීම් කඩිනමින් ලබා දෙන ලෙස කියා සිටි බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා විදුහල්පති සහ ගුරු සේවයේ සියලු ගැටලු ලබන ජනවාරි මස වන විට විසඳන බව ද  සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya