අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය වතු ප්‍රජාවටත් නොමිලේ අර්තාපල් සහනාධාර

    ඔක්තෝබර් 11, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා සිදු කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ප්‍රජාවටත් නොමිලේ අර්තාපල් සහනාධාර ලබා දීමට එකඟතාව පළ වී තිබේ.


    මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    මේ වන විට සමෘද්ධිලාභීන් වෙත අර්තාපල් සහනාධාරය ලබා දීමට එකඟතාව පළ වී තිබේ. වතුකරයේ ප්‍රජාව වෙත සමෘද්ධි සහනාධාරය නොලැබෙන බැවින් ඔවුන්ට ද මෙම අර්තාපල් සහනාධාරය නොමිලේ ලබා දීම පිළිබඳ ව මෙහිදී සාකාච්ඡාවට ලක් විය. වතු ප්‍රජාව අතර පවතින පෝෂණ තත්ත්වයන් සලකා බලා වතු ප්‍රජාවගේ හා අඩු අදායම්ලාභී පවුල්වල දූවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව වර්ධනය කරලීමත් මෙමඟින්  බලාපොරොත්තු වේ. 

    නුවරඑළිය වතු ආශ්‍රිත පවුල් 91,000කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙති. ඒ අනුව එක් පවුලක් වෙත කිලෝ ග්‍රෑම් 02ක අර්තාපල් මල්ලක් ලබා දීම සිදු වේ. මෙම අර්තාපල් බෙදාහැරීම වතු කළමනාකරුවන් සහ සුබසාධන නිලධාරීන් මාර්ගයෙන් සිදු කිරීමට නියමිතය.

    මේ අවස්ථාව සඳහා නුවරඑළිය ගොවිජන සේවා සහකාර කොමසාරිස්, සහකාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු ව වතු කළමනාකරුවන් රැසක් ද සහභාගී වී සිටියහ.

    NDH/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya