අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 04ක් අද සිසු අයිතියට

    ඔක්තෝබර් 11, 2014

    මහින්දෝදය ද්විතීයක පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 04ක් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) විවෘත කෙරේ.


    කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ මහා විද්‍යාලය, කුලියාපිටිය බරාගෙදර අනගාරික ධර්මපාල මහා විද්‍යාලය, බිංගිරිය ශ්‍රී සරණංකර මහා විද්‍යාලය, පඬුවස්නුවර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහා විද්‍යාලය යන පාසල්වල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත් කිරීමට නියමිතය.

    එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සඳහා රුපියල් ලක්ෂ 200ක් වැය කර තිබෙන අතර පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් සහ දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක් යන අංගයන්ගෙන් මෙය සමන්විතය.


    මීට අමතර ව ඉන්දියන් ආධාර යටතේ ඉදිකළ වයඹ ජාතික විද්‍යා පීඨයේ භාෂාගාරයත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් අද (11) විවෘත කරනු ඇත. මේ සඳහා රුපියල් මිලියන 10ක් වැය කර තිබේ. 


    ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා සහ මැති ඇමතිවරු ද මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya