අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විරැකියාව පවතින්නේ එක්තරා උගත් පිරිසක් අතර

    ඔක්තෝබර් 10, 2014
    ශ්‍රී ලංකාවේ විරැකියාව පවතින්නේ එක්තරා ආකාරයකට උගත් පිරිසක් අතර බවත් එයට හේතුව ඔවුන්ගෙන් වැඩි පිරිසක් තමන් ඉගෙනගත් දෙයට ම ගැළපෙන රැකියාවක්  ලැබෙන තුරු බලාගෙන සිටීම බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක මහතා විසින් රචනා කළ “කිරි විස කළෝ කවරහු ද?” යන කෘතිය හා ඒ මහතා විසින් පරිවර්තනය කළ “කිරි බොන්නට පෙර සිතා බලමු”, “ටැක්සි රියදුරකුගේ දිනපොත” යන කෘති ත්‍රිත්වය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (09) දින කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී  පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
     
    ශ්‍රී ලංකාවේ  සමස්ත විරැකියාවේ ප්‍රතිශතය 4% කට මඳක් වැඩියි. එය හොඳ තත්ත්වයක්.  එහෙත් රැකියා විරහිතභාවය පවතින්නේ එක්තරා ඉගෙනගත් පිරිසක් අතර යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
     
    “මුද්‍රණ ක්ෂේත්‍රයේ ඇතැම් රැකියාවලට, ඇඟලුම් කර්මාන්තශාලාවල ඇතැම් රැකියාවලට පුරප්පාඩු තිබුණත් ඒවාට අවශ්‍ය සේවකයන් නැහැ. අපේ උගත් පිරිස අතරින් වැඩි පිරිසක් බලාගෙන ඉන්නේ තමන්ගේ කේන්දර දෙකට ගැළපෙන රැකියාව ලැබෙන තුරු. එහෙම රැකියාවක් නොලැබුණොත් ඉරණමට සාපේක්ෂ ව ඉන් එහා තීන්දු ගැනීමේදී ඒ පිරිස අතරින් බොහෝ දෙනෙක් ආකල්පමය වශයෙන් අසමත්. මම ඉගෙන ගත්ත මගේ අධ්‍යාපනයට ගැළපෙන රැකියාවක් මට ලැබිය යුතුයි කියලා කෙනෙකුට තර්ක කළ හැකියි. රැකියා විරහිතභාවය මා මුලින් සඳහන් කළ පිරිස අතර තියෙන්නේ ඔවුන් අතර තියෙන අන්න ඒ ආකල්පය නිසයි".
     
    "80 ජූලි වර්ජකයන් අතර ඉන්නවා රැකියාව අහිමි වීම නිසා තමන්ගේ ජීවිත සාර්ථක කරගත් අය. රැකියාව අහිමි වීම නිසා අන්ත අසරණ ඉරණමකට මුහුණදීලා මිය ගිය අයත් ඉන්නවා. හොඳම උදාහරණය ඒ.බී.සී. සිල්වා කියන මහත්මයා. ස්වාධීන රූපවාහිනියේ අන්තර් ජාතික තොරතුරු කියන ලලිත් ද සිල්වා මහත්මයාගේ පියා. එතුමන් ජූලි වර්ජකයෙක්. එතුමාටත් රැකියාව අහිමි වුණා. එතුමා ඉංග්‍රීසි උගන්වන්න ගත්තා. ඊට පස්සේ එතුමා විශාල ගොඩනැගිල්ලක් පවා ඉදි කළා. එතුමා ජූලි වර්ජනයට අසු නොවී එතුමා කළ රැකියාවම දිගින් දිගට කර කර හිටියා නම් අද සිටින ආකාරයේ ප්‍රාග්ධන හිමියෙක් බවට පත්වන්නේ නැහැ" යැයි ද වැඩිදුරටත් පැවසීය.
     
    “ කිරි බොන්නට පෙර සිතා බලමු ” නම් කෘතිය වෛද්‍ය ෆ්‍රෑන්ක් ඒ. ඔස්කි මහතාගේ කෘතියක සිංහල පරිවර්තනයකි. එය කිරි පිළිබඳ ව මෙතෙක් නොදත් වෛද්‍ය විද්‍යාත්මක කරුණු හෙළිදරව්වකි. 
     
    ටැක්සි රියදුරකුගේ දිනපොත නම් පරිවර්තන කෘතිය සිංගප්පූරුවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු වූ කායි මින්ජි මහතාගේ කෘතියකි. 2008 වර්ෂයේ ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ඔහුට සිය රැකියාව අහිමි විය. අනතුරුව ජීවිකාව සඳහා ටැක්සි රියැදුරෙක් බවට පත් වූ එතුමාගේ සත්‍ය ජීවන තොරතුරු අලලා මේ කෘතිය රචනා වී ඇත. මෙම කෘතිය “ටැක්සි රියැදුරකු වූ මහාචාර්යවරයා” යනුවෙන් ඉරිදා ලංකාදීප පුවත්පතේ දියත අතිරේකයේ කොටස් වශයෙන් ද පළ විය.
     
    වෛද්‍ය අචල උපේන්ද්‍ර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කර දැනට ඇමරිකාවේ ජීවත් වෙයි.
     
    මෙම ග්‍රන්ථ ත්‍රිත්වය එළිදැක්වෙන අවස්ථාව සඳහා වෛද්‍ය ගුණදාස අමරසේකර, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    MP ww book lonch 1
     
     
    MP ww book lonch-2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya