මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ඉඩම් අහිමි වූ 20,000කට ඉඩම් හිමිකම් ඔප්පු

    ඔක්තෝබර් 10, 2014
    උතුරේ ඉඩම් අහිමිවූවන්ට සෙත සලසමින් එම පළාතේ 20,000ක් වන ජනතාව උදෙසා ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීම එළැඹෙන 12දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ දී සිදු කෙරෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (10) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    2013 වසරේ සිට හඳුනාගත් ඉඩම් කැබලි 26,653ක් වෙන් කොට ඇති බවත් ඉන් 20,000ක ප්‍රමාණයක් සඳහා මෙලෙස හිමිකම් ඔප්පු ලබාදීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය යුද්ධය නිමාවීමත් සමඟ උතුරු වසන්තය වැනි ව්‍යාපෘති හරහා නගාසිට වූ බවත් පෙන්වා දුන්නේය.
     
    ඉඩම් හඳුනාගැනීමේ කටයුතු සිදු කිරීමේ දී විවිධ ගැටලු පැන නැගුණු බවත් ඒ සියලු කටයුතු ස්වාධීනව සොයාබැලීමෙන් අනතුරුව මෙලෙස ඉඩම් ලබාදීමට කටයුතු කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    ජාතියක් ආගමක් පදනම් කරගෙන මෙම ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු නොකළ බවත් හැකි තරම් සාධාරණ අයුරින් ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීම සිදු කෙරෙන බවත් මෙම අවස්ථාවට එක් ව සිටි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද පැවසීය.
     
    ඉඩම් කච්චේරි ජංගම සේවා පැවැත්වීමෙන් අනතුරුව සුදුසුකම් සොයා බලා ඉතා සාධාරණ ලෙස මෙම හිමිකම් ඔප්පු ලබාදීමට කටයුතු කර ඇතැයි ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya