මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 දැයට කිරුළ ප‍්‍රගතිය විමසයි

    ඔක්තෝබර් 10, 2014
    ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත‍්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහන හා  දැයට කිරුළ ප‍්‍රදර්ශනය පිළිබඳ ව මාතර දිස්ත‍්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් සමඟ ඉදිරි කටයුතු හා ප‍්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් අද (10)  මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    මාතර දිස්ත‍්‍රික්කයේ දැයට කිරුළ වැඩසටහන පැවැත්වීමට අදාළ කරුණු හා ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ යෝජනා හා අදහස් අනුව ක‍්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ ව විමසා බලන ලද අතර තවමත් වැඩ ආරම්භ කර නොමැති ව්‍යාපෘතිවල වැඩ ඉතා කඩිනමින් ආරම්භ කරන ලෙසත් වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘති ඉතා කඩිනමින් වැඩ අවසන් කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා අදාළ ආයතනවලට මෙහිදී අවධාරණය කරන ලදි. 
     
    මේ අවස්ථාවට මාතර පුරපති, පළාත් සභා මැති ඇමතිවරු, ප‍්‍රාදේශීය සභා සභාපතිවරු හා මන්ත‍්‍රීවරු ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ අදාළ වෙනත් ආයතන නිලධාරීහු සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya