මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඇරඹේ

    ඔක්තෝබර් 10, 2014
    කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ පොතුහැර - රඹුක්කන සහ රඹුක්කන - ගලගෙදර මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු ලබන 19දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
     
    පොතුහැර - රඹුක්කන කොටස දිගින් කිලෝ මීටර් 17.5ක් වන අතර රඹුක්කන සිට ගලගෙදර දක්වා වු කොටස දිගින් කිලෝ මීටර් 18කින් යුක්ත වේ.
     
    මෙලෙස කොළඹ අධිවේගී මාර්ගය කොටස් වශයෙන් ඉදිකිරීමට තීරණය කොට ඇත්තේ ගතවන කාලය සීමා කරගැනීම සඳහා වන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
     
    කොළඹ ගාල්ල අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා වසර 6ක පමණ කාලයක් ගත වු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එබැවින් මහනුවර අධිවේගී මාර්ගය කොටස් වශයෙන් කොන්ත්‍රාත් සමාගම් කිහිපයක් වෙත ලබාදීම හරහා ඉතා ඉක්මනින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ හැකි බැවින් මෙවැනි තීරණයක් ගැනීමට රජය කටයුතු කළ බවත් පෙන්වා දුන්නේය.
     
    මෙරට ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම් ජාත්‍යන්තර මට්ටමේ ඉදිකිරීම් මේ වන විටත් සිදු කරමින් පවතින බැවිනුත් ඔවුන්ට අවස්ථාව ලබාදීමේ අරමුණිනුත් මෙලෙස දේශීය සමාගම් වෙත මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු දේශීය සමාගම් වෙත ලබාදීම සිදු කෙරේ. ඒ අනුව සම්පූර්ණ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සමාගම් 8ක් වෙත පැවරීමට නියමිතය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya