මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර කොළඹ පක්ෂ කාර්යාලයක් පිහිටුවීම ඉතාම නිවැරදි ප්‍රවේශයක්

    ඔක්තෝබර් 10, 2014

    කිරුළපන පක්ෂ කාර්යාලය පිහිටු වීම නැගෙනහිර කොළඹ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ගත් හොඳ ආරම්භයක් මෙන් ම නිවැරදි ප්‍රවේශයක් වන බවත්, මෙවැනි කාර්යාල තව තවත් ආරම්භ විය යුතු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය 06 වන දින කිරුළපන, නැගෙනහිර කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ පක්ෂයේ අමාත්‍යවරුන් ඇතුළු පක්ෂ නායකයින් විසින් රට රකින නිල් පවුර, නිල් රැල්ල වැනි වැඩසටහන් දියත් කරමින් යන අවස්ථාවක ශ්‍රීලනිප පක්ෂය අද මේ රටේ ඉතා ප්‍රබල පක්ෂය බවට පත් වෙලා තිබෙනවා පමණක් නො ව වැඩි ම සාමාජික පිරිසක් සිටින පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් වෙලා තිබෙන බවයි. මෙවැනි අවස්ථාවක මහජනතාව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සම්බන්ධ වීමට ජනතාවට මෙවැනි කාර්යාලයක් ආරම්භ කිරීම ඉතාම වැදගත් වන බවද ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

     

    එසේ ම මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ  කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් ආසන සමඟ බලන විට නැගෙනහිර කොළඹ ජයග්‍රහණය කිරීමට ඉතාම පහසු ම ආසනය බවත්, එවැනි ආසනයකට ප්‍රදීප් ගුණවර්ධන මහතා වැනි පළපුරුදු, අත්දැකීම් ඇති නායකයකු, පත් කිරීම ඉතාම යෝග්‍ය බවත් පැවසීය. එසේ ම ඒ මහතා  විසින් මේ වන විට ඉතාම නිවැරදි ප්‍රවේශයක් වෙත යොමු වෙමින් ක්‍රියාකරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

     

    මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතා පවසා සිටියේ පසුගිය අගෝස්තු 30වනදා විහාර මහාදේවි උද්‍යානයේ පැවති කොළඹ ආසන සංවිධායකවරුන්ගේ සම්මේලනයේදී ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹට ජන ගඟක් එකතු වූ අතර එයින් ලබා ගත් පන්නරය මඟින් ඉදිරි ජනාධිපතිවරණයේදී කොළඹ වෙනස් කිරීමේ මූලික අත්තිවාරම මේ වන විට අපි ආරම්භ කර තිබෙන බවයි. එසේ ම අපි නිසැක ව ම කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා ගෙන යන බවත්, ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    මෙහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අතින්, ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ අනුග්‍රහයෙන් නැගෙනහිර කොළඹ ත්‍රීරෝද රථ සංගමයට රුපියල් 50,000ක ආධාර මුදලක් ප්‍රදානය කිරීමද සිදු විය.

     

    තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, දුමින්ද සිල්වා, පළාත් සභා මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන්, නාගරික මන්ත්‍රීවරුන්, නැගෙනහිර කොළඹ ජනතාව ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ECB

    Basil2Basil24

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya