මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ නිවාස 220ක් ඉදිකිරීමට පාකිස්තානු ආධාර

    ඔක්තෝබර් 10, 2014

    උතුරේ පැවති ගැටුම් හේතුවෙන් ආපදාවන්ට පත්වූවන් යළි නගාසිටුවීමේ අරමුණින් නිවාස අහිමිවූවන් වෙනුවෙන් නිවාස තනාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පාකිස්තානු රජය ඉදිරිපත් ව සිටී.


    නිවාස 220ක් ඉදිකිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක් මේ අනුව ප්‍රදානය කෙරිණි. පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජනරල් (විශ්‍රාම) ක්වාසිම් කුරේෂි මහතා විසින් ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත එම චෙක්පත බාරදීම පසුගිය දා අරලියගහ මන්දිරයේ දී සිදුවිය. එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද එක් ව සිටියේය.

    නිවාස 220ක් ඉදිකිරීමේ වැඩසටහන මන්නාරම දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු, නාරිකඩුව සහ මොද්දයිකාඩෛ යන ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya