මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික බැඳීම කිසිවෙකුට බිඳහෙළිය නොහැකියි

    ඔක්තෝබර් 10, 2014
    ලංකාවේ සෑම නිවසක් ඉදිරිපිට ම බුදු ගෙයක් තිබුණ බව රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව කෘතියේ දක්වා තිබෙන බවත් ආගමත්, ජාතියත් අතර ඇති සම්බන්ධය කිසිදිනක වෙනස් කළ නොහැකි බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
     
    ආගමික බැඳීම කිසිවෙකුට බිඳහෙළිය නොහැකි එකක් බවත් දැඩි උවමනාවක්, අවශ්‍යතාවක් පැවතිය ද කිසිවෙකුට ආගමික සහජීවනය බිඳහෙළිය නොහැකියි. ආගම පදනම් වූ ජන පදනමක් මේ රට තුළ තවමත් තිබෙන බවත් එය කිසිම බලවේගයකට වෙනස් කළ නොහැකි බවත් අමාත්‍යතුමා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කුරූණෑගල, හිරිපිටිය ගුණරත්නාරාමයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමිනි. 
     
    ලංකාව මුළුමනින් ම වෙනත් ආගමකට හැරවීමට උත්සාහ කළ පෘතුගීසීන්ට, ලන්දේසීන්ට හෝ ඉංග‍්‍රීසීන් එය සිදු කිරීමට නොහැකි වූ බවත් ආගම මූලික කර ගත් සංස්කෘතික පදනම අපේ ජීවිතයේ වැදගත් අංශයක් වූ නිසා ගමත් පන්සලත් අතර මනා සම්බන්ධතාවක් තිබෙන බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  
     
    පන්සල බෞද්ධයන්ගේ ජීවිතයත් සමඟ සම්බන්ධ වෙන ස්ථානයක් වගේම අපේ සංස්කෘතිය හැඩය නිර්මාණය කරන ස්ථානයක්. පන්සලත් දායකයාත් අතර තියෙන්නේ පුදුම සම්බන්ධයක්. අවුරුදු 2500ක් අඛණ්ඩ ව බුදු දහම පැවතුණ මේ රටේ පන්සල එක කාලෙක අපිට භාෂාව ඉගැන්නුවා. වැලිපිල්ලේ අකුරු ලිව්වේ පන්සලේ. ආගම දහම පමණක් නොව භාෂාව ඉගන ගත්තේ පන්සලේ. ලේඛකයෝ බිහි වුණේ පන්සල ආශ‍්‍රිතව. ස්වාමීන් වහන්සේලා, මහ රජවරු විශාල ප‍්‍රමාණයක ග‍්‍රන්ථ රචනා කළේ පන්සලෙන් ලැබුණු ගුරුහරුකම් නිසා බවත් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.  
     
    මේ නිසා සෑම විටම ආගමික සංහිඳියාව පිළිබඳ ව දීර්ඝ ඉතිහාසයක් හිමි අපේ රටේ සෑම පුරවැසියකුගේ ම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පන්සල හැම විටම පෙනී සිටි බවත් ජාතික නිදහස් සටනේ දී අනෙකුත් ආගම් සම්බන්ධ කරගනිනිමින් ස්වාමීන් වහන්සේලා පෙරමුණේ ගමන් කළ බවත් අමාත්‍යතුමා මෙහිදී පැවසීය. ඒ නිසා ආගමික සහජීවනය අපේ රටට අලුතින් ඉගන ගත යුතු දෙයක් නොවේ. සෑම විට ම අනෙකාගේ නිදහස සුරක්ෂිත කරමින් ජීවත්වීම පිළිබඳ ව අප හොඳින් පුරුදු පුහුණු කර ඇත. අපේ ආගම සංස්කෘතික හැදියාවේ ගමන්මග ඉදිරියට ගෙනයාමට තරුණ පරම්පරාවට ලොකු උවමනාවක් තියෙන බවත් ඔහු සඳහන් කළේය. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya