මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බඩඉරිඟු සඳහාත් සහතික මිලක්

    ඔක්තෝබර් 10, 2014
    වී මිලට මෙන් මේ මාස් කන්නයේ සිට බඩඉරිඟු සඳහා ද සහතික මිලක් ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තීන්දු කර ඇතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන මහතා පැවසීය.
     
    එමෙන්ම මේ කන්නයේ සිට පිටරටින් මෙරටට බඩඉරිඟු ආනයනය කිරීම ද සම්පූර්ණයෙන් ම  නැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් පසුගියදා සිට මේ තීරණයට එළඹී බව ද ඉදිරි දිනවලදී අදාළ සහතික මිල නියම කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    උතුරු මැද පළාත් සභාව සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය එක්ව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අක්කර ලක්‍ෂයක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව අනුරාධපුර, කුරුන්දන්කුලමේදී තවත් ගොවීන් 2,000ක් සඳහා බඩඉරිඟු බීජ ලබාදීමේ අවස්ථාවට පසුගිය බදාදා එක්වෙමින් අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය. 
     
    මේ යටතේ ගොවියෙකුට රුපියල් 5,400ක වටිනාකමකින් යුත්ත බඩඉරිඟු බීජ පැකැට්ටුවක් ලබා දෙන අතර මෙයින් රුපියල් 1,800ක මුදලක් ගෙවා ගොවීන්ට සහනදායි ලෙස බඩඉරිඟු වගාව තවදුරටත් වැඩිකිරීම සඳහා මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරනු ඇත.
     
    මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා, බඩඉරිඟු වගා කිරීම සඳහා අපගේ මැදිහත්වීම අඛණ්ඩව සිදු කරනවා. මේ වතාවේ ඵලය මිලදී ගැනීම සඳහා ද ගොවියාට අවශ්‍ය සහන සලසනවා. මේ තාක් ගොවියාට මේ තරම් සහනාධාර දුන් රජයක් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව තරම් බිහි වී නැතැයි ද බිහිවන්නේ නැතැයි ද ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya