මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගත දේශපාලන චින්තනයක් සඳහා ජනතාවාදී තරුණ සන්ධානගත වීමක් මේ රටට අවශ්‍යයි

    ඔක්තෝබර් 10, 2014

    අනාගත දේශපාලන චින්තනයක් සඳහා ජනතාවාදී තරුණ සන්ධානගත වීමක් මේ රටට අවශ්‍ය යැයි තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී, නීතිඥ නාමල් රාපක්‍ෂ මහතා පැවසීය.


    නාමල් රාපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා කලාවැව මැතිවරණ කොට්ඨාසයේ
    ශ‍්‍රී.ලං.නි.ප. තරුණ සන්ධානය මඟින් රාජාංගනය යාය 05, තඹුත්තේගම, බුල්නෑව සහ අක්ක 500 යන ප‍්‍රදේශයන්හි පැවති ජනහමු අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්‍ෂ මහතා, "අපේ පක්‍ෂය දරිද්‍රතාවයට, දූෂණයට, භීෂණයට එරෙහිව සන්ධානගත වෙන්ට කියලා වෛරය, ක්‍රෝධය වපුරලා තරුණයන් ටයර් සෑයවල්වලට දමන්ඩ වැඩ කරන්නේ නැහැ. 88, 89 කාලේ වාගේ භීෂණයක් ඇති කරන්ඩ වැඩ කරන්නේ නැහැ. ජනතාවාදී සන්ධානගත වීමක් මඟින් ජනතාවාදී දේශපාලන දර්ශනයක් ඇති ව තරුණ බලමුළු ශක්තිමත් කරන අදහසිනුයි අපි මේ ගමන යන්නේ. මව්පියන්ට ආදරය කරන දරුවන්ට ආදරය කරන ජාති, ආගම් භේද නොසලකන පිරිසිදු හදවතක් ඇති තරුණ පිරිසකුයි අපි එක්ක එකතු වෙලා ඉන්නේ.අපේ චන්ද්‍රසේන ඇමතිතුමා, මහ ඇමතිතුමා එක්ක අපි දැන් රැස්වීම් හතරක කතා කළා. අතිවිශාල තරුණ ජනතාවක් ඒ රැස්වීම්වලට සහභාගී වුණා. මේ සංවිධාන ඒකරාශී කරගෙන ගමෙන් ශක්තිමත් ජන පවුරක් ඇති කිරීම තමා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නිල් බලකායේ බලාපොරොත්තුව. මේ වන විටත් මේ ප‍්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා.ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ සංවිධාන බලගන්වමින් පෙරට යන නිල් බලකායට ඔබේ ගම්මානවලින්, ආසනවලින් ලැබෙන සහයෝගය අතිවිශාලයි" යැයි පැවසීය.

    මෙම රැස්වීම්වල අමතමින් කතා කළ අනුරාධපුර දිස්ත‍්‍රික් නායක කලාවැව ශ‍්‍රී.ලං.නි.ප. ප‍්‍රධාන සංවිධායක විශේෂ ව්‍යපෘති අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන මහතා, අපේ රාජ්‍ය නායකයා රට බේරාගත් ශ්‍රේෂ්ඨ නායකයා දෙකඩ කරපු රට එක්සේසත් කරපු නායකයා හැටියට බොරළු පාරවල් කාපට් කරලා, වැව් අලුත්වැඩියා කරලා මොරගහකන්ද වගේ දැවන්ත සංවර්ධන ව්‍යාපෘතිවලින් රට සංවර්ධනය කරපු නායකයාගේ පුත‍්‍ර රත්නය වශයෙන් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කරන සේවය අතිවිශාලයි. ඉස්කෝලේ යන කාලේ ඉදලම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමාජිකයෙක් වෙලා හිටපු මම අද ඇමතිවරයෙක්. මේ තාක්කල් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඉතිහාසයේ නිල් බලකාය වගේ සංවිධානයක් දැකලා නැහැ. ඒ දවස්වල දකුණේ තරුණ සංවිධාන ඇති කෙරුවේ ආයුධ අතට දීලා. උතුරේ දෙමළ තරුණ සංවිධාන ඇති කෙරුවේ සයනයඩ් කරල කරේ බැඳලා.ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මධ්‍යම ප‍්‍රතිපදාව රකින පක්‍ෂයක්. ඉතා ඕනෑකමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින පක්‍ෂයක් හැටියට ශී‍්‍ර.ල.නි.පය මුල්කර ගෙන නිල් බලකාය සංවිධානය කෙරෙන මේ තරුණ පිරිස සේරම ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින අය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව තරුණ කොටස් දැනුවත් කරලා රට පිළිබඳ ව අවබෝධයක් ඇතුව දේශපාලන අවබෝධයකින් යුක්ත ව පෙරට යන තරුණ පරපුරක් තමා නිල් බලකායෙන් ගොඩනගලා තියෙන්නේ.

    ලෝකේ සමහර රාජ්‍ය නායකයන්ගේ පුත්තු පියවරුන්ගේ දේශපාලනය විනාශ කරලා තියෙනවා. නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීතුමා සැප විඳින්න පුළුවන් තරුණයෙක්. පසුගියදා අරලියගහ මන්දිරේ ඉද්දී ජනාධිපතිතුමා කීවා නාමල් දැක්කේ මාසෙකින් පස්සේ කියලා. ඒ තරමටම මේ තරුණ නායකයා ලොකු වැඩ කොටසක් කරනවා. එතුමා අද කලාවැවේ හවසට හම්බන්තොට හෙට හොරොව්පොතානේ අනිද්දා පොලොන්නරුවේ මේ වාගේ පක්‍ෂය වෙනුවෙන් හැමවිට ම කැපවන තරුණ නායකයන් සිටීම පක්‍ෂයට ලොකු ශක්තියක්. තරුණ පරපුර ආරක්‍ෂා කරන්ඩ ගෙනියන නිල් බලකාය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්ට සංවිධානය කරන මේ වැඩපිළිවෙළට ජය ශ‍්‍රී මහා බෝ පිහිට ප‍්‍රාර්ථනා කරනවා යැයි සඳහන් කළේය.

    මේ ජනහමු 04 සඳහා අතිවිශාල තරුණ පිරිසක් එක්වූ අතර උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එරික් වීරවර්ධන, උදිත ලොකුබණ්ඩාර, ෂෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල, වයඹ පළාත් සභා මන්ත‍්‍රී ජෙහාන් ප‍්‍රනාන්දු, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී සමන්මලී සකලසූරිය යන මහත්ම මහත්මීහු ද එක්වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya