මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර පොල් කොළ මැළවීමේ රෝගයට මිලියන 450ක වන්දි

    ඔක්තෝබර් 10, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ පොල් කොළ මැළවීමේ රෝගයට ගොදුරු වූ පොල් ගස් කපා ඉවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට පොල් ගස් 225273ක් කපා ඉවත් කර ඇත. ඒ සඳහා රුපියල් මිලියන 450.546 ක මුදලක් පොල් ගස් හිමියන් සඳහා වන්දි වශයෙන් ගෙවා තිබේ.
     
    සලකුණු කරන ලද නමුත් කපා ඉවත් නොකළ පොල් ගස් 4000 ක් පමණ ඉදිරියේදී කපා ඉවත් කිරීමට කටයුතු කරමින් පවතී.
     
    මෙම පොල් කොළ මැළවීමේ රෝගය පාලනය කිරීම සඳහා මෙතෙක් ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයාගෙන නොමැති අතර රෝගය පාලනය කිරීම සඳහා පවතින එකම විකල්ප ක‍්‍රමය රෝගී පොල් ගස් කපා ඉවත් කිරීමයි.
     
    මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16න් 12ක ම මෙම පොල් කොළ මැළවීමේ රෝගය ව්‍යාප්ත ව පවතී. රෝගය පවතින ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් පොල් පැළ, පොල් අතු සහ පොල් ලෙලි ආදිය රෝගය පැතිරී නැති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට රැගෙනන යාම මේ වන විට තහනම් කර තිබේ. 
     
    මාතර දිස්ත‍්‍රික්කයෙන් පොල් කොළ මැළවීමේ රෝගය තුරන් වන තුරු පොල් ගස් කපා ඉවත් කිරීමේ සිට රෝගය පාලනය සඳහා අවශ්‍ය අනෙකුත් සියලු ක‍්‍රියාමාර්ග ගන්නා බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ මාතර දිස්ති‍්‍රක් කාර්යාලයේ ප‍්‍රාදේශිය කළමනාකරු ඒ. 
    කේ. ජයසේකර මහතා පවසයි.
     
    DB/ TI dum matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya