මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුබැද්ද පුරන් වෙල්යාය සංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 10, 2014
    වසර 30කට පසු මොරටුව, කටුබැද්ද පුරන් වෙල්යාය සංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරිමට  පියවර ගෙන ඇත.  
     
    ඒ අනුව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ  නාගරික සංවර්ධන අධිකාරියේ පුර්ණ දායකත්වය මත පුරන් වෙල්යාය දියත උද්‍යානයක් දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.
     
    මොරටුව ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් රජය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් ශාරීරික සුවතා මධ්‍යස්ථාන, ළමා උද්‍යාන හා ඇවිදින මං තීරු දියත උද්‍යානයට ඇතුළත් කෙරෙන බව ද තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා පැවැසීය. 
     
    අක්කර 15ක භූමි භාගයක් පුරා  දියත උද්‍යානය ඉදිකිරීමට යෝජිත අතර ඇවිදින මං තීරුව කි.මී 4ක් පමණ වෙතැයි අපේක්ෂා කෙරේ. මීට අමතර ව ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය ආරක්ෂාවන පරිදි පාරම්පරික වී වගාව අක්කර  නවය හමාරක අස්වැද්දීමට ද යෝජිතය.
     
    මේ පිළිබඳ ව සොයා බැලීමේ ශක්‍යතා අධ්‍යයන චාරිකාවක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි. 
     
    එහිදී ආරක්ෂක ලේකම්වරා කියා සිටියේ  පෞද්ගලික ඉඩම් හිමියන්ගේ  කැමැත්ත ලබාගත යුතු බවයි. මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යලය හා මොරටුව මහ නගර සභාව මගින් ඊට අවශ්‍ය කටයුතු  සිදු කරමින් සිටින  බව අමාත්‍යවරයා  මෙහි දී අවධාරණය කළේය. මෙම ඉදිකිරීම්  වසරක් වැනි  ඉතා කෙටි කාලයක් තුළ දී අවසන් කෙරෙන බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේය.
     
    මේ අවස්ථාව සඳහා මොරටුව ප්‍රාදේශීය ලේකම් කේ.සී. නිරෝෂන්, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සහ ඉඩම් ගොඩ කිරිමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya