මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැයට කිරුළින් මාතරට හෝරාස්ථම්භ

    ඔක්තෝබර් 10, 2014
    ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත‍්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමී ව මාතර දිස්ත‍්‍රික්කයේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම යටිතල පහසුකම් සංවර්ධනයේ සිට විවිධ සංවර්ධන වැඩසටහන් විශාල ප‍්‍රමාණයක් සිදු කෙරේ. 
     
    ඒ අනුව දැයට කිරුළ වැඩසටහනට සමගාමී ව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16යේ ම ප‍්‍රධාන නගරවල හෝරාස්ථම්භ ඉදිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒවායේ ඉදිකිරීම් කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය.
     
    2015 දැයට කිරුළ ප‍්‍රදර්ශනය මාතර කොටවිල කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන අතර ඊට අමතර ව ප‍්‍රදේශයේ ජනතාවගේ දැඩි ඉල්ලීම හේතුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ උපදෙස් මත මාතර මැද්දවත්ත මහින්ද රාජපක්ෂ විද්‍යාල භූමියේ ද දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ කොටසක් පැවැත්වීමට නියමිත ය.
     
    DB/ TI dum matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya