මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ට්‍රේලියාවෙන් මන්නාරමට මිලියන 10ක සනීපාරක්ෂක පහසුකම්

    ඔක්තෝබර් 10, 2014

    අලුතින් ඉදිකරන ලද වැසිකිළි 44ක් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් මන්නාරමේ බටහිර මාන්තායි ප්‍රදේශයේ නැවත පදිංචි කළ ගැමි පවුල්වල ප්‍රයෝජනය සඳහා ජනතා අයිතියට පත් කරන ලදී.

     

    මන්නාරමේ බටහිර මාන්තායි ප්‍රදේශයේ දෙමළ හා මුස්ලිම් ප්‍රජාව සඳහා රුපියල් මිලියන 10ක් වැය කොට වැසිකිළි 160ක් ඉදි කිරීමට  මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ.

     

    මෙම ව්‍යාපෘතිය මූලික ජන කොටස් වෙත ශීඝ්‍ර සංවර්ධනයක් ළඟා කර දීම සඳහා ඔස්ට්‍රේලියානු රජයේ කුඩා ප්‍රතිපාදන යෝජනා ක්‍රමය යටතේ ඍජු ආධාර වැඩසටහන (Direct Aid Program) මඟින් ක්‍රියාත්මක කර ඇත.

     

    මන්නාරමේ නැවත පදිංචි කළ පවුල් සඳහා අර්බුදකාරී මෙවන් යටිතල පහසුකම් ගොඩනැගීම වෙනුවෙන් ආධාර සැපයීම පිළිබඳ ව සිය සතුට ප්‍රකාශ කළ දෙවැනි ලේකම් Chloe Ashbolt මහත්මිය, ඔස්ට්‍රේලියානු ඍජු ආධාර වැඩසටහන යටතේ ප්‍රායෝගික හා අත්පත් කරගැනීමට හැකියාව ඇති ප්‍රතිලාභ හදිසි අවශ්‍යතා ඇති පාඩු ලබන ජන කොට්ඨාස සඳහා ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ ව ආඩම්බර වන බවද ඇය විසින් එම අවස්ථාවේදී පැවසුවාය.

     

    ග්‍රාමීය සංවර්ධන පදනම (Rural Development Foundation), මන්නාරම් කරීටාස් වාල්වුදයම් (Caritas Valvuthayam Mannar) හා සහන හා පුනරුත්ථාපන මන්නාරම් සංවිධානය (Mannar Association for Relief and Rehabilitation) යන මන්නාරම මූලික කොටගත් සංවිධාන 03 මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
     

    ඍජු ආධාර වැඩසටහන මඟින් ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජාව සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු වැඩසටහන්, ආදායම් උත්පාදන වැඩසටහන්, කුඩා පරිමාණ යටිතල පහසුකම් සැපයීමට ආධාර සපයනු ලබයි.

     

    2013-2014 මූල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු රජය ඍජු ආධාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 27ක ආධාර සපයා ඇත.

     

    SDF

    Direct Aid Program - Toilet Project - Mannar

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya