මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිවුලකැලේ ප්‍රදේශයට ප්‍රජාශාලාවක්

    ඔක්තෝබර් 09, 2014
    ආණමඩුව මැතිවරණ කොට්ඨාසයට අයත් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලකැලේ ප්‍රදේශයට ප්‍රජාශාලාවක් ඉදි කිරීම වෙනුවෙන් මුල් ගල තැබීම සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් පසුගිය දා සිදු කෙරිණ.

    ග්‍රාමීය ජනතාව සමඟ අමාත්‍යවරයා කළ සාකච්ඡාවකදී ගම්වාසින් කළ ඉල්ලීමකට අනුව මෙම ප්‍රජා ශාලාව ඉදි කරන අතර ඒ වෙනුවෙන් වැය කරන මුදල රුපියල් 1,672,000කි.

    මෙම අවස්ථාව ඇමතු පියංකර ජයරත්න අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රදේශයේ ජනතාවට සිය ප්‍රජා අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට නිසි ආකාර තැනක් නොතිබීම හේතුවෙන් මුහුණ දුන් දුෂ්කරතාව මෙම ප්‍රජා ශාලාවේ වැඩ කටයුතු අවසන් වීමත් සමඟ නිමා වන බවයි.සමිති සමාගම්, පොදු වැඩ කටයුතු සඳහා ගමේ ජනතාවට එක්වන්නට මෙවැනි ප්‍රජා ශාලා ඉදි කරමින් රජය විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්නේ ගම හදා රට හදන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මහින්ද චින්තනයට අනුව බව සිහිපත් කළ අමාත්‍යවරයා විදුලි බලය, පානීය ජලය, අධ්‍යාපන මහා මාර්ග ඇතුළු සෑම ක්ෂේත්‍රයක් තුළ ම විශාල සංවර්ධනයක් පසුගිය කාලය පුරාවට ආණමඩුව මැතිවරණ කොට්ඨාසය තුළ සිදු වූ බව ද සිහිපත් කළේ ය.ආණමඩුව අද සාමකාමි ප්‍රදේශයක් බවට පත් කර ඇති බවත් ඇතැම් විරුද්ධ පක්ෂ කොටස් එම සාමකාමි තත්ත්වය නැති කරන්නට වෙර දරමින් සිටින බව පෙනෙන්නට තිබෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා එම උගුල්වලට හසු නොවන ලෙස ප්‍රකාශ කර සිටියේ ය.

    එකිනෙකාගේ දේශපාලන වුවමනාවන් පිරිමැසීම සඳහා බොරු වීරයන් වනවාට වඩා මිනිසුන්ගේ දුක වේදනාවන් සඳහා පිළියම් යොදා වීරයෙක් වීමට තමන් අපේක්ෂා කරන බව පෙන්වා දුන් හෙතෙම එදා දූවිලි පිරුණ මාර්ග අද කාපට් මාර්ග බවට පත් වී මෙම ප්‍රදේශවල ශීඝ්‍ර සංවර්ධනයක් සිදු වෙමින් පවතින බවද පෙන්වා දුනි. පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ ස්ථානවල රැස් වී ගමේ සැබෑ ගැටලු හඳුනා ගෙන ඒවාට විසඳුම් සාකච්ඡා මාර්ගයෙන් හඳුනා ගෙන ඔබේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කර ගන්නා ලෙස අමාත්‍යවරයා වැඩි දුරටත් ඉල්ලා සිටියේ ය.

    ප්‍රදේශයේ දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරිහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya