මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැටන් නුවරඑළිය මාර්ගයේ බංගලාහත ප්‍රදේශයේ නාය යෑමට දීර්ඝ කාලීන විසඳුමක අවශ්‍යතාව

    ඔක්තෝබර් 09, 2014

    හැටන්, නුවරඑළිය මාර්ගයේ බංගලාහත ප්‍රදේශයේ ඊයේ (08) දිනයේ නාය යෑමකට ලක් විය. ඒ අනුව පැය 2 ½කට ආසන්න කාලයක් මාර්ගය අවහිර වූ අතර මගී ජනතාව දැඩි අපහසුතාවට පත් වූහ.


    පසුව දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ මැදිහත්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලිස් ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් නාය ගිය පස් කොටස් මාර්ගයෙන් ඉවත් කිරීම සිදු කෙරිණි.මේ පිළිබඳ ව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (09) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    හැටන්, නුවරඑළිය මාර්ගය මේ වන විට කඩිනමින් සංවර්ධනය කෙරෙන අතර එය අවසන් අදියරේ පවතී. මෙම මාර්ග ව්‍යපෘතිය රජයේ අධීක්ෂණය යටතේ පෞද්ගලික සමාගමක් විසින් සිදු කරනු ලබයි. මීට පෙර අවස්ථාවන් කිහිපයකදී ම මෙම හැටන් නුවරඑළිය මාර්ගයේ බංගලාහත ප්‍රදේශය නාය යෑමට ලක් ව තිබේ. දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ 1949 වර්ෂයේත් මෙම ස්ථානයේ නාය යෑමට ලක් ව තිබෙන බවත් විදේශිකයෙකු විසින් ලබා ගත් ඡායාරූපයක් තමන් සතු ව පවතින බවත්ය. එබැවින් මෙම තත්ත්වය වළක්වාලීම සඳහා දීර්ඝ කාලීන විසඳුම් ගත යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ පිළිබඳ ව විශේෂ වාර්තාවක් සැකසිය යුතු බවටත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 


    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේ හදිසි නාය යෑම් එම ස්ථානයේ සිදුවන බැවින් මාර්ගය කඩිනමින් විවෘත කිරීම සඳහා අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සිදු කරන සමාගම විසින් බැකෝ යන්ත්‍රයක් සහ රියදුරෙකු පැය 24 පුරා යොදවා සිටින ලෙසත්ය. මේ අවස්ථාව සඳහා නුවරඑළිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya