මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතුකරයේ ජනතාව සඳහා ලැයිම් කාමර වෙනුවට නව නිවාස

    ඔක්තෝබර් 09, 2014

    ඉන්දියානු රජයේ මුල්‍ය අනුග්‍රහය ඇති ව වතුකරයේ වෙසෙන වතු කම්කරු ජනතාව සඳහා ඔවුන් ජීවත් වන ලැයිම් කාමර වෙනුවට නව නිවාස සෑදීමේ ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කෙරිණ.


    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය, ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ සංකල්පය මත මෙම නිවාස ව්‍යාප්තිය සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් කෙරෙන කාර්යයන් පිළිබඳ සාකච්ඡාවක්  අද (09) පෙරවරුවේ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.


    ඉන්දියානු රජය වෙනුවෙන් ඉන්දියානු උසස් කොමිෂන් සභාවේ දෙවන ලේකම් ඒ. චන්දු මහතා, කණ්ඩායම් නායක ඩී.වී.එස්. මූර්ති මහතා හා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු රාජත් ජෙයින් මහතා මෙම සාකාච්ඡාව සඳහා එක් ව සිටියහ.


    මෙහි දී මෙම ව්‍යාප්තිය යටතේ සෑදීමට නියමිත නිවාස සංකීර්ණය සඳහා යෝජිත ඉඩම් නිරීක්ෂණයට හා මෙම ගෙවල් සඳහා සැලැසුම් ද මෙම මස 17 වන දිනට ප්‍රථම නිම කිරීමට යෝජනා කරන ලදී.
    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් එච්.එල්. තිසේරා ද ලංකා කම්කරු කොංග්‍රස් උප සභාපති කේ. මාරිමුත්තු මහතා ඇතුළු උසස් නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.




    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya