මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කච්චිමඩුව ප්‍රදේශයේ ජනතාවට පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක්

    ඔක්තෝබර් 09, 2014

    ආණමඩුව මැතිවරණ කොට්ඨාසයට අයත් කච්චිමඩුව ප්‍රදේශයේ ජනතාව කලක පටන් පීඩා විඳි පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙමින් කච්චිමඩුව ජල ව්‍යාපෘතිය පසුගියදා සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් ජනතා අයිතියට පත් කරනු ලැබීය.

    ප්‍රදේශයේ ප්‍රජා ජල සමිති මගින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 60කි. ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ පවුල් 100කට අවශ්‍ය පානීය ජල පහසුකම් ලබා දීමට නියමිතය. 


    මෙම අවස්ථාවට එක් වූ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පැවසුවේ, ආණමඩුව ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවට හැකි ඉක්මනින් විසඳුම් සපයා දීමට ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය හා දැදුරු ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය මගින් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙන බවයි. අද ජල හිඟයෙන් පීඩා විඳින ජනතාව ඉන් මුදවා ගැනීමේ මෙහෙයුමක් තමන් විසින් අරඹා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya