මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශක්‍යතා ප්‍රවර්ධන වැඩසටහනක් පොලොන්නරුවේ

    ඔක්තෝබර් 09, 2014

    ශ්‍රී ලංකා මනෝවිද්‍යා උපදේශක සංගමය මඟින් ක්‍රියාත්මක කරන පුද්ගලික ආයතන තුළ ශක්‍යතා ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් පොලොන්නරුව ඇතුමල්පිටිය ජානක ඉංජිනියරින් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.


    පුද්ගල මානසික සංවර්ධනය තුළින් ආයතනික සංවර්ධනයත් ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභ සේවකයා වෙත ලබාදීමෙන් ආයතනික හා පුද්ගල සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මේ වැඩසටහන් සංවිධානය කර තිබුණි.

    ජානක ඉංජිනියරින් ඉන්ඩස්ට්‍රීස් ආයතනය සහල් සැකසුම් උපකරණ දේශීය ව නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් වන අතර එහි අධ්‍යක්ෂ ජානක උදයකාන්ත මහතා මේ වැඩසටහන සංවිධානය කිරීමට කටයුතු යොදා තිබේ.

    ශ්‍රී ලංකා මනෝවිද්‍යා උපදේශක සංගමයේ ලේකම් හා පුද්ගල හැකියා සංවර්ධන පුහුණු හා මනෝවිද්‍යා උපදේශක නඳුන් අලගියවන්න මහතා විසින් මේ සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබීය.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya